Monday, 14 March 2011 23:40
කොළඹ හා අවට ඉඩම් ඇතොත් කතා දෙකක් නැහැ “ගොඩේ ගොඩ”
අඩු වන පොලි අනුපාත හා වැඩිවන විදේශ ප්‍රේෂණ හමුවේ මේ වසරේ ශ්‍රී ලංකාවේ ඉඩමි මිලේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාශය පළ කරයි.
2010 මුල්‍ය ස්ථායිතා විශ්ලේෂන වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් මෙසේද සදහන් කර සිටි.
“2011 වසරේදි බැංකු පොලි අනුපාත ලිහිල් වන වටා පිටාවකුයි ඇත්තේ.එමෙන්ම,ව්දේශ් ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් වලද වර්ධනයක් අපේක්ෂා කල හැකියි.මේ සාධක නිසා ඉඩමි මිළ දර්ශකයේ ඉහළ යාමක් විනා පහළ යාමක් අපට අපේක්ෂා කළ නොහැකියි.”
“මන්ද,පොලි අනුපාත පහළ යන විට ඉඩමි මිල ඉහළ යාමේ ප්‍රවනතාවක් ඇති නිසා.ඉඩම් මිල පහළ යන්නේ මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය දැඩි වි පොලි අනුපාත ඉහළ යන තත්ත්වයකදියි.මේ තත්ත්වය විදේශ් ප්‍රේෂණ ඉහළ යන විටත් දක්නට පුළුවන්. “
මහ බැංකුව වැඩිදුරටත් සදහන් කර සිටින්නේ,වාණිජ,කාර්මික හා ගෘහස්ථ ආදී සියළු ඉඩමි වල මිල ගණන් 2007 වසරේ මැද භාගය තෙක් ක්‍රමයෙන් උපරිමයට වැඩි වි පසුව අඩු විමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කල බවත් නමුත් කොළඹ නාගරික සීමාවේ එම මිල ගණන් නැවත් 2009 ජුනි සිට වැඩි විමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් තිබෙන බවත් ය.
කොළඹ නාගරිකයෙන් බැහැර ප්‍රදේශ වලද ඉඩමි මිලේ සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකි බව කියන මහ බැංකුව එසේ වුවද කොළඹ නාගරිකයේ මිල ගණන් හා එම ප්‍රදේශ වල මිල ගණන් අතර විශාල වෙනසක් ඇති බවද සදහන් කරයි.
වත්කම් මිල උද්ධමනයක් පවතින කාල වලදි මුල්‍ය සමාගම් එම වත්කම් මත පදනම්ව ඉහළ ලාභ ලබන බව කියන මහ බැංකුව එමෙන්ම මෙම පාරිභෝගිකයින්ගේ ධන සාධකය පෙරටු කොටගෙන ආර්ථීකයේ ඉල්ලුමද ඉහළ යන බව කියයි.
එලෙසම වත්කම් මිල පහළ යාමක් ආයෝජකයින්,මුල්‍ය සමාගම් හා මුල්‍ය වෙළෙඳ පොල වෙත අහිතකර ලෙස බල පා ආර්ථීක අස්ථාවරයක් ඇති විමට හේතු වන බවද මහ බැංකුව කියයි.
http://www.vimasuma.com