අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත තවදුරටත් ඉහළ ගිය අතර මාස හයේ බිල්පත් පොලී අනුපාතය පදනම් අංක 16 කින් ඉහළ නැගුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 08 කින් ඉහළ ගොස් සියයට 11.20 ක්ද, මාස හයේ බිල්පත් පොලිය සියයට 12.77 ක්ද, වසරේ බිල්පත් පොලිය පදනම් අංක 10 කින් ඉහළ ගොස් සියයට 12.99 ක්ද වී තිබේ.
රුපියල් බිලියන 15 ක් වටිනා කල් පිරුණු බිල්පත් වෙනුවෙන් බිල්පත් නැවත නිකුත් කර තිබෙන අතර රුපියල් බිලියන 33.738 ක ලංසු ලැබී තිබෙන බව සඳහන්ය.
කෙසේවෙතත්, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙළඳ පොළින් පිළිගෙන තිබෙන්නේ රුපියල් බිලියන 14.496 ක ලංසු පමණි.
අද පැවති ප්‍රාථමික වෙන්දේසියේදී රුපියල් බිලියන 3.051 ක් වටිනා මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 10.350 ක් වටිනා මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 1.095 ක් වටිනා වසරේ බිල්පත්ද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් විකුණා තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=649358805