පසුගිය වසරේ රජය විසින් පවරාගත් සීනි සමාගම් දෙක මේ වනවිට මහජනතාවට බරක් වී තිබෙන බවත් මුදල් අමාත්‍යංශය ජනතාවගේ බදු මුදල් වලින් රුපියල් මිලියන 557 ක් මෙම කර්මාන්ත ශාලා දෙක වෙනුවෙන් ලබාදී තිබෙන බවත් අනාවරණය වේ.
මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන අර්ධ වාර්ෂික පිස්කල් වාර්තාව මගින් හෙළිවන කරුණු වලට අනුව පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්ත ශාලාවල දිනපතා වියදම් සඳහා රජය රුපියල් මිලියන 550 ක් ලබාදී තිබෙන අතර වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 07 ක මුදලක් ලබාදී ඇත.
මෙරටට සීනි ආනයනය සඳහා තීරු බදු බාධා පනවා තිබෙන අතර ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ මේ නිසා බොහෝවිට සමාජයේ දුප්පත් ජනතාවගේ වෙළඳ නිදහසට සීමා වැටී තිබෙන බවයි.
ජනතාවගේ දේපොළ අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසරේදී මෙම සීනි සමාගම් දෙකට අමතරව තවත් ව්‍යාපාර රජයට පවරා ගැනීමට කටයුතු කළ අතර එයට එරෙහිව දැඩි විවේචන එල්ල විය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2051041007