ගාලු මුවදොර අසල මුහුද ගොඩකිරීමෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන වරාය නගරයට ඉදිරි වසර දහය තුළදී ඩොලර් බිලියන 15 ක පමණ ආයෝජන පැමිණෙනු ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා විශ්වාසය පළ කරයි.
අක්කර 243 ක් ගොඩ කිරීමේ මෙම ව්‍යාපෘතිය ලබන ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් මාස 39 කින් මෙම ගොඩ කිරීම් අවසන් කිරීමට නියමිත බවත් කොළඹ පැවැත්වෙන වරාය හා නාවික සමුළුවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම පැවසීය.
ඩොලර් මිලියන 900 ක වියදමින් මෙම ඉඩම් ගොඩකර මාර්ග, ජලපවහන පද්ධති හා විදුලි සංදේශ සේවා ස්ථාපිත කිරීමට සමාගමක් තෝරාගෙන තිබෙන බවත් ඒ වෙනුවෙන් එම සමාගමට ගොඩ කරන ඉඩම් වලින් කොටසක් ලබාදීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් කීය.
මෙම ගොඩකිරීම් කටයුතු ආයෝජන සමාගම සමග එකතුව China Harbhour Engineering Corporation සමාගම සිදුකිරීමට නියමිත බවත් ආයෝජකයා තමන්ට ලැබෙන බිම් කැබැල්ලේ සංවර්ධන කටයුතු කිරීමට තවත් ඩොලර් බිලියන 2.5 ක් පමණ ආයෝජනය කිරීමට සූදානම් බවත් වික්‍රම මහතා සඳහන් කළේය.
ඉතිරිවන ඉඩම් 99 අවුරුදු බදු පදනම යටතේ ආයෝජකයින්ට ලබාදීමට නියමිතය.
මෙම ඉඩම්වල කුඩා ගොල්ෆ් පිටියක්, ෆෝමියුලා ධාවන පථයක්, හෝටල්, සාප්පු සංකීර්ණ ඇතුළු ව්‍යාපෘති සිදුකිරීමට සැලසුම් කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=764565072