ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුව විසින් නිකුත් කළ ඩොලර් බිලියනයක සෛවරීත්ව බැඳුම්කරයේ ඵලදා අනුපාතය සියයට 5.875 ක් ලෙස මිලකර තිබෙන බව මහ බැංකුව කියයි.
2007 වසරේ සිට ලංකාව ජාත්‍යන්තර වෙළඳ පොළට නිකුත් කළ ඩොලර් බැඳුම්කරවල පස්වැන්න මෙය වන අතර පසුගිය 17 වනදා මෙම නිකුතුව ආසියානු වෙළඳ පොළට ප්‍රකාශයට පත්කළ අතර ඉල්ලුම විශාල ලෙස වැඩිවීම නිසා නිකුතුව සියයට 5.875 ක් ලෙස මිල කිරීමට ලංකාවට හැකිවී තිබේ.
මෙම තීව්‍ර අනුපාතයෙන් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර ආයෝජකයින් ලංකාවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය වර්ධනය වීම යැයි මහ බැංකව පවසා ඇත.
මෙම බැඳුම්කර නිකුතුවට 10.5 ක වාරයක් වන අධි ඉල්ලුමක් ඇතිවී තිබූ අතර ලැබී තිබූ ඇනවුම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 10.5 කි. මෙය මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම ඇනවුම් ප්‍රමාණය මෙන්ම විශාලතම ආයෝජන සංඛ්‍යාව යැයි මහ බැංකුව පවසන අතර 2011 දී 315 ක්වූ ආයෝජන සංඛ්‍යාව 425 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්ය.
ආසියාව තුළ සියයට 27 ක ප්‍රමාණයක් යුරෝපය තුළ සියයට 29 ක ප්‍රමාණයක් ඇමරිකාව තුළ සියයට 44 ක ප්‍රමාණය ක් ලෙස මෙම ඇනවුම් විසිර පැවති බව මහ බැංකුව කියයි.
සියයට 90 ක ප්‍රමාණයක් නියෝජනය කරමින් ගෝලීය අරමුදල් කළමනාකරුවන් මෙම ගනුදෙනුවේ ප්‍රධානතම හවුල් කරුවන් වී තිබෙන අතර බැංකු/පුද්ගලික බැංකු සහ අනෙකුත් ආයෝජකයින් පිළිවෙලින් සියයට 6.00 සහ 4.00 ප්‍රමාණයකට දායක වී තිබේ.
මින්පෙර නිකුත් කර තිබෙන ජාත්‍යන්තර බැඳුම්කර නිකුතු හා සැසඳීමේදී මෙම ගනුදෙනුව මගින් අරමුදල් රැස්කිරීමේ පිරිවැය අඛණ්ඩව අඩුකර ගැනීමට ලංකාව සමත්වී තිබෙන අතර 2007 නිකුතුව සියයට 8.25 ක්, 2009 නිකුතුව සියයට 7.40 ක්, 2010 නිකුතුව සියයට 6.25 ක් හා 2011 නිකුතුව සියයට 6.25 ක් යන ඵලදා අනුපාත යටතේ මිල නියම කර තිබුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1505167643