බැංකු ක්‍රමයේ පවතින අතිරික්ත ද්‍රවශීලතාවය උරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 58 ක වාර්තාගත ප්‍රති මිලදී ගැනීමේ වෙන්දේසියක් සිදුකිරීමට යනබව වෙළඳ පොළ තැරැව්කරුවෝ පවසති.
බැංකු ක්‍රමයේ පවතින අතිරික්ත ද්‍රවශීලතාවය උරා ගැනීමට මෙතරම් විශාල ප්‍රති මිලදී ගැනීමේ වෙන්දේසියක් පැවැත්වීමට යාමෙන් පෙනී යන්නේ පසුගියදා නිකුත් කළ ඩොලර් බිලියනයක බැඳුම්කරයෙන් ලැබුණු මුදල් කෙටිකාලීන බැංකු ණය ගෙවා දැමීම සඳහා රජය යොදා තිබෙන බවයි.
මීට අමතරව, ද්‍රවශීලතාවය වැඩිවීමෙන් පෙනී යන්නේ බැඳුම්කරයෙන් රැස්කළ ඩොලර් බිලියනයෙන් ඩොලර් මිලියන 400 කට වැඩි ප්‍රමාණයක් විදේශ විනිමය වෙළඳ පොළවල් වලින් බාහිරව රුපියල් බවට හරවා තිබෙන බවයි.
රජයේ බැංකු වලට මුදල් අමාත්‍යංශය විසින් විශාල ණය මුදලක් ගෙවා දැමිය යුතුව තිබෙන අතර විදේශ ණය වලින් මෙම ණය ගෙවා දැමීමට මීට පෙර අවස්ථාවල කටයුතු කළවිට බැංකු ක්‍රමයේ අතිරික්ත ද්‍රවශීලතාවයක් ඇතිවීමට එය හේතුවක් වුණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ මෙවැනි ක්‍රියාදාමයක් නිසා බැංකු වලින් ලබාදෙන ණය වැඩිවී උද්ධමනය වැඩි වීමටත් රුපියල මත පීඩනයක් ඇති වීමටත් එය හේතුවක් වන බවයි.
මේ නිසා, විදේශ මුදල් ගලා එනවිට රුපියල අවප්‍රමාණය වීම වැලැක්වීම සඳහා මහ බැංකුව විසින් අළුතින් රැස්කළ විදේශ සංචිතය විකුණා දැමීම හෝ ද්‍රවශීලතාවය ඉවත් කිරීම සඳහා භාණ්ඩාගාර බිල්පත් තොගය විකිණීම කළ යුතුබව ආර්ථික විශ්ලේෂකයෝ වැඩිදුරටත් පවසති.
බ්‍රහස්පතින්දා දිනයේදී ඩොලරයක මිල රුපියල් 130.90/131.10 ක මට්ටමක පවතී.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=334313960