මේ වන විට ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය ව කිරි මිලදී ගන්නා පෞද්ගලික සමාගම ලෙස නෙස්ලේ ලංකා සමාගම හැඳීන්විය හැකිය. නෙස්ලේ සමාගම දිනපතා 15,000කට අධික දේශීය කිරි ගොවීන් ප්‍රමාණයකගෙන් කිරි මිලදී ගැනීම සිදු කරයි.
නෙස්ලේ සමාගම විසින් දේශීය කිරි ගොවීන් ගෙන් මිලදී ගන්නා කිරි ප්‍රමාණය සියයට 35කින් වර්ධනය වී ඇති අතර එම නිසා සමාගම විසින් කිරි ගොවීන් වෙත ගෙවන මුදල් ප්‍රමාණය ද සියයට 58ක වර්ධනයක් හිමි කරගෙන ඇත.
සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට අපේක්ෂිත රුපියල් බිලියන 10ක ආයෝජන ප්‍රමාණයෙන් රුපියල් බිලියන 3.2ක් දැනටමත් ආයෝජනය කර ඇති අතර ඒ අතුරින් රුපියල් බිලියන 1.9ක් දේශීය කිරි නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා වෙන්කොට තිබීම ඉතා වැදගත් වේ.
තිරසාර සංවර්ධනය තම ප්‍රධානතම ව්‍යාපාරික ප්‍රමුඛතාවය බවට පත්කරගත් සමාගමක් ලෙස ව්‍යාපාරික ප්‍රජාව වෙත මෙන්ම සාමාන්‍ය සමාජය වෙත ද වාසිදායක වන අයුරින් කටයුතු කිරීම නෙස්ලේ සමාගමේ සුවිශේෂත්වයයි.
වසර සියයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දිනාගත් නෙස්ලේ සමාගම මේ වන විට ශ්‍රී ලංකාවේ විශාලතම නැවුම් කිරි සහ පොල් මිලදී ගන්නා සමාගමක් ලෙස ග්‍රාමීය ජනතාවගේ තිරසාර සංවර්ධනය සමඟ අවියෝජනීයව බැඳී සිටින බව කළමනාකාර අධ්‍යක්ෂ අලොයිස් හොෆ්බවර් මහතා කියයි.
2011 වසර තුළ දී පමණක් රුපියල් බිලියන දහයක මුදලක් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට නෙස්ලේ සමාගම සමත් විය
http://www.silumina.lk/2012/08/05/_art.asp?fn=aj1208051