විදුලි බල මණ්ඩලයේ වියදම් වැඩිවීම නිසා එහි ණය ගැනීම රුපියල් බිලියන 74.2 ක් දක්වා ඉහළ නැංවීමට විදුලි බල අමාත්‍යවරයා විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙන බව අනාවරණය වේ.
මේ වනවිට, විදුලි බල මණ්ඩලයේ ඉන්ධන අවශ්‍යතාවය වැඩිවී තිබෙන අතර ණය පියවීමේ අවශ්‍යතාද මතුවී ඇත. මීට අමතරව පුද්ගලික විදුලිය සැපයුම් කරුවන්ට මණ්ඩලය විසින් ගෙවිය යුතු මුදල් පියවා ගැනීමටද මෙම ණය වලින් අදහස් කර තිබෙන බව සඳහන්ය.
“සන්ඩේ ටයිම්ස්“ පුවත් පත වාර්තා කරන ආකාරයට පාඨලී ච්ම්පික රණවක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට පවසා තිබෙන්නේ මණ්ඩලය මේ වනවිට පුද්ගලික විදුලි සැපයුම් සමාගම් වලට රුපියල් බිලියන 16 ක පමණ මුදලක් ණය වී තිබෙන බවත් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් තෙල් සංස්ථාවට තවත් රුපියල් බිලියන 15 ක් පමණ මුදලක් ණය වී සිටින බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=313307967