තෙල් සහ ගෑස් යන අංශයන්ට අමතරව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි පවතින ශක්‍යතාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම සහ කේන් සමාගම සමග සම්බන්ධවීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම ද මෙම සමුළුව තුළින් සිදු විය. ශ්‍රී ලංකාවේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත ගවේෂණ කටයුතුවලට අදාළ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ද මෙහිදී දේශීය ව්‍යාපාරිකයන් සමග අදහස් හුවමාරු කර ගැණිනි. එමෙන්ම කෙයාන් සමාගමේ වැදගත්ම අංශයක් වන එමෙන්ම සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසරය (Health, Safety, Environment - HSE commitment) ආරක්ෂා කිරීම සඳහා සමාගමේ ඇති කැපවීම පිළිබඳව ද, තමන් සමග සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ට එහි ඇති වැදගත්කම ද දේශීය ව්‍යාපාරික ප්‍රජාවට මෙහිදී පෙන්වාදෙන ලදී.
කේන් සමාගම සමග වෙළඳ සබඳතා ඇති කරගැනීම ගැන ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරන අතරම, එතුළින් දේශීය ව්‍යාපාර ආයතනවලට සිය අත්දැකීම් වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙන ආකාරය පෙන්වාදීම ද සමුළුවේ තවත් අරමුණක් විය.
ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ගවේෂණ කටයුතු මීළඟ තලයට ගෙනයාම වෙනුවෙන් මෙරට දේශීය ව්‍යාපාරික ප්‍රජාව සමග සම්බන්ධවීමේ සහ ඔවුන් දිරිගැන්වීමේ අවශ්‍යතාව කේන් සමාගම හඳුනාගෙන සිටියි. ශ්‍රී ලංකාවේ තෙල් කැනීම් කටයුතුවල දෙවන අදියරට මේ වන විට කෙයාන් පිවිස ඇති අතර, එය සාර්ථක කරගනීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාරික ප්‍රජාවේ සහය අත්‍යවශ්‍ය බව සමාගමේ විශ්වාසයයි.
ව්‍යාපාර සහකරුවන් සහ සේවා සපයන්නන් 46 ක් මෙම වැඩසටහන නියෝජනය කළ අතර, 70 කට අධික පිරිසක් සැසියට සහභාගි වූහ.
මෙම වැඩසටහන අමතමින් අදහස් දැක්වූ කේන් ඉන්දියා සමූහයේ ගවේෂණ අංශ ප්‍රධානී කහාල් ඩේලි මහතා සඳහන් කළේ “මෙහි මූලික අරමුණ වන්නේ ව්‍යාපාරික ප්‍රජාවට සමාගමේ සැපයුම්දාමය සමග සම්බන්ධවීමට අවස්ථාව සලසාදීම සහ සමාගමේ වර්ධනය තුළින් ඔවුන්ට වාසි සැලසීම බවත්ය." “මෙම ව්‍යාපෘතිය වර්ධනය වීමත් සමඟ, විශේෂයෙන්ම ඛනිජ තෙල් සංවර්ධන අංශයට මෙය ළඟාවූ පසු, මෙයින් දිගුකාලීන වාසි රාශියක් සැලසේ යැයි අපේක්ෂා කරනවා," යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ, 2007 -01-001 කොටසේ තෙල් ගවේෂණයේ යෙදෙන කේන් සමාගම මේ වන විට එහි පළමු අදියර සම්පූර්ණ කර ඇති අතර, එහිදි කැනීම් තුනක් සිදු කර සාර්ථක සොයා ගැනීම් දෙකක් සිදු කළේය. මේ වන විට සමාගම එහි දෙවන අදියරට අවතීර්ණ වී ඇති අතර දැනට වර්ග කිලෝමීටර් 600ක් අත්කරගෙන එහි ත්‍රිමාණ භූගෝලීය දත්ත ලබාගෙන තිබේ. මේ වන විට එම දත්ත ඇගයුමට ලක් කරමින් සිටින අතර දෙවන අදියරේ ගවේෂණ කැනීම් 2013 වසරේ මැද ඇරඹීමට සැලසුම් කර ඇති අතර, මේ වන විට එයට අදාළ ටෙන්ඩර් සහ සෙසු කටයුතු සිදුවෙමින් පවතී.
ඛනිජ තෙල් සම්පත් ගිවිසුමෙහි ඇතුළත් කරුණුවලට අදාළව සමාගම දැනට සිදු කොට ඇති සාර්ථක ගවේෂණවලින් ලබා ගත හැකි වානිජ ප්‍රතිඵල සම්බන්ධ තොරතුරු මේ වන විටත් ඉදිරිපත් කොට ඇත.
http://sinhala.adaderana.lk/news.php?nid=27727