Aviva NDB රක්ෂණ සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය AIA සමාගම් සමූහයට ස්ටර්ලින් පවුම් මිලියන 29 කට විකුණා දැමූබව Aviva UK සමාගම කියයි.
අවීවා සමාගම වැඩිදුරටත් පවසා තිබෙන්නේ කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර නොමැති Aviva NDB Holdings Lanka (Private) Limited සමාගමේ සියයට 58.44 ක කොටස් AIA සමාගම් සමූහයට අයත් American International Assurance Company Limited සමාගමට විකුණූ බවයි.
මෙම සමාගමට කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන Aviva NDB රක්ෂණ සමාගමේ සියයට 51 ක් පමණ වන පාලිත කොටස් ප්‍රමාණය හිමි අතර අනිකුත් ප්‍රධාන කොටස් කරුවන් අතර NDB බැංකුව සිටී.
මීට අමතරව, කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙමින් Aviva NDB රක්ෂණ සමාගම පවසා තිබෙන්නේ NDB සමාගම් සමූහය AIA සමාගම් සමූහයට සියයට 41 ක කොටස් විකුණා දැමූ බවයි.
නව අයිතිකාරීත්වය සමග සමාගම AIA නමින් වෙනස් වීමට නියමිතය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=209899753