INVESTITIONS - UND ENTWICKLUNGSGESELLSCHAFT
MBH සහ නෙදර්ලන්තයේ FMO -
NEDERLANDSE FINANCEIERINGS -
MAATSCHAPPIJ VOOR
ONTWIKKELINGSLADEN N.V. යන සමාගම් ගිවිසුම් අත්සන් කළ බව මහත් වූ අභිමානයෙන් නිවේදනය කර සිටියි. මෙම ගිවිසුමට අනුව DEG සහ FMO සමාගම් ඒෂියන් එලායන්ස්‌හි කොටස් 38% බැගින් කොළඹ කොටස් හුවමාරුව හරහා මිලදී ගැනීමට නියමිතයි.
ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස්, ජීවිත මෙන්ම සාමාන්‍ය රක්‍ෂණ සේවාවන් ලබාදෙන ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්‌ඩලයේ (IBSL) ලියාපදිංචි සමාගමකි. මෙම රක්‍ෂණ සමාගම 2011 වසරේ අවසාන භාගයේදී සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයට එක්‌වූ අතර එතැන් පටන් මේ දක්‌වා ඉතා සාර්ථක ගමනකට අවතීර්ණ වී ඇත.
ඒෂියන් එලායන්ස් ජීවිත රක්‍ෂණ අංශය සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඉතා ඉහළ ලාභදායීත්වයක් වාර්තා කර ඇත. ඒ බව මනාව සනාථ කරමින් 2012 සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලාංකික රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වෙළෙඳපොළ වාරික ධාරිතාව අතින් පස්‌වැනි ස්‌ථානයට පත්ව ඇති බව ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ දත්තයන් තහවුරු කර ඇත. එමෙන්ම සොµaට්‌ලොජික් සමූහය හා පවතින සබැඳියාව තුළින් සවිබලගැන්වී පරිපූර්ණ සාමාන්‍ය රක්‍ෂණ උපායමාර්ග හරහා මෙම වසර තුළ වාරික ධාරිතාව 100% කින් වර්ධනය කර ගැනීමට සමත්ව ඇත. එසේම සොµaට්‌ලොජික් සමූහයට අන්තර්ගත ආසිරි රෝහල් සමූහය සමග අත්වැල් බැඳ ගනිමින් සෞඛ්‍ය රක්‍ෂණයේ සුවිශේෂී හඳුන්වාදීම් රැසක් සිදු කිරීමේත්, දිවයින පුරා විහිදුණු 150 කට අධික සොµaට්‌ලොජික් අලෙවිසැල් ජාලය හරහා ශ්‍රීs්‍ර ලංකාවේ සතරදිග්භාගයේ වෙසෙන ජනතාව වෙත සිය රක්‍ෂණ විසඳුම් ලබාදීමේ අනගි අවස්‌ථාව ඒෂියන් එලායන්ස් වෙත උදාවී තිබේ.
http://www.divaina.com/2013/01/23/velanda02.html