2013 ජනවාරි 26 වෙනි සෙනසුරාදා, 08:36
Lanka Truth
බොහෝ කාලයක් තිස්සේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් කල්දැමූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන සඳුදා සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව නව අමාත්‍යවරුන් එදින දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතය.
පසුගිය කාලය තුළ ආන්දෝලනයට ලක්වූ අමාත්‍යංශ කිහිපයක අමාත්‍යවරු වෙනස් විය හැකි බවද නියෝජ්‍ය ඇමැත්‍යවරුන් කිහිපදෙනෙකුට අමාත්‍ය ධූර ලැබීමට නියමිත බවද වාර්තාවේ. මේ අතර විදුලිබල හා බලශක්ති, ක්‍රීඩා, කම්කරු, තාක්ෂණික ඇතුලු අමාත්‍යංශ කිහිපයක ධූරයන් වෙනස් විය හැකි බවද වැඩිදුරටත් වාර්තා වේ.