එමෙන්ම සමෘද්ධි දීමනාව සියයට 200 කින් වැඩි කරන බවත් සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිටුදකින අතර පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කරන බවත් එම පක්ෂය පවසයි.
ඉදිරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලක් ද, අල කිලෝවක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ද ලබාදෙන අතර මන්දපෝෂණය දුරු කිරීමේ පියවරක් ලෙස අඩු ආදායම් ලාභී පවුලක කාන්තාවක් දරුවකු බිහි කරන විට ඒ පවුලට අවම වශයෙන් රුපියල් 20,000 ක දීමනාවක් ලබා දෙන බව ද ඔවුන්ගේ විකල්ප අයවැය යෝජනා අතර වේ.
එමෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් ද, පාසල් අධ්‍යාපනය වෙනුවෙන් 4.5% ක් ද යෙදවීමට ද තමන් බලාපොරොත්තු වන බවයි එජාපය වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් ඔවුන් චෝදනා කළේ රජය විසින් හෙට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන අයවැය ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් සිදු කරන්නක් බවයි.