2013 අයවැය යෝජනා වලින් වී මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 32 ත් 35 ත් දක්වා වැඩිකර තිබේ. කාබනික පොහොර යොදා වගා කරන වී සඳහා ගෙවන සහතික මිල රුපියල් 40 ක් දක්වා වැඩිකෙරේ.
ලක් සතොස ශාඛා ජාලය 1000 ක් දක්වා වැඩිකිරීමට යෝජනා කෙරේ. ලක් සතොසට 2013 අයවැය මගින් රුපියල් 500 ක ප්‍රතිපාදන වෙන් කරයි. සෑම ලක් සතොස ශාඛාවකටම ඔසු සලක්
පැණි හා හකුරු සඳහා පොල් ගස් බලපත්‍ර සහිතව මැදීමට අවසර.
පොල් අක්කර 05 ක් දක්වා වගා කිරීමට නොමිලේ පොල් පැල. නියඟයෙන් හානිවූ පොල් වගාවන් නැවත වගා කිරීමට නොමිලේ පොල් පැල. පොල් වගාවට කාබනික පොහොර භාවිතා කිරීමට මිලියන 100 ක් වෙන් කෙරේ.
කුඩා ව්‍යාපාර වලට ලක්ෂ 05 ක් දක්වා සමෘද්ධි බැංකු වලින් ණය ලබාදීමට යෝජනා කෙරේ.
මහජනයාට සියයට 20 ක කොටස් නිකුත් කරන සමාගම් වලට වසර තුනක බදු සහනයක්. කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කරන බැඳුම්කර රඳවා ගැනීමේ බද්දෙන් නිදහස්ය.
විදේශීය මත්පැන් හා ස්ප්‍රීතු ආනයන තීරුබදු සියයට 25 කින් වැඩිකෙරේ.
රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනාව රුපියල් 1500 කින් වැඩිකෙරේ. රුපියල් 750 ක් වන ජීවන වියදම් දීමනාව ජනවාරියේ සිට. නව වැටුප් කොමිසමක් පත් කිරීමට යෝජනා කෙරේ.
තේ නැවත වගා කිරීම සඳහා හෙක්ටයාරයක් සඳහා ගෙවන රුපියල් 300,000 ක සහනාධාරය රුපියල් 350,000 ක් දක්වා ඉහළ නංවයි. අළුත් වගාව සඳහා ගෙවන සහනාධාරය රුපියල් 150,000 සිට 250,000 ක් දක්වා ඉහළට. තේ කර්මාන්තයට නව යාන්ත්‍රික උපකරණ හඳුන්වා දීමට රුපියල් මිලියන 100 ක් වෙන් කරයි.
දුෂ්කර පාසැල්වල දරුවන්ට නොමිලේ සපත්තු කූට්ටමක් හා වසර මැදදී තවත් නිළ ඇඳුමක්.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1594189457