ලෝක වෙළඳපොලේ රන් මිල දැන් වසර 4 කින් අඩුම අගයට පත්වී තිබෙනවා. රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1170 ක් ලෙසයි. පසුගිය දෙවසර තුළ රන් මිල තුනෙන් එකකින් පමණ අඩුවූ අතර, පසුගිය සති අන්තයේ එම අඩුවීම අවුන්සයකට ඩොලර් 25 කට ආසන්නයි. ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම රන් මිල අඩුවීමට තවත් හේතුවක්. රන් මිල මෙලෙස අඩුවුව ද ලොව විශාලතම රන් පාරිභෝගිකයා වන චීනය මහා පරිමාණ මිලදී ගැනීම් සඳහා තවදුරටත් මිල අඩුවනතුරු අපේක්ෂාවෙන් සිටින බව සඳහන්. දැන් පවතින ප‍්‍රවණතාව අනුව රන් අවුන්සයක මිල ඩොලර් 1100 ක් හෝ ඇතැම් විට ඩොලර් 1000 දක්වා අඩුවනු ඇති බව වෙළඳපොල විශ්ලේෂකයන්ගේ අදහසයි.
'
http://www.hirunews.lk/