නිරුවතින් රඡ ගෙදර යන්නා
විලම්බීතව අපි බලන්නා
වෙළදපොළ දෝලනය වෙන්නා
බලයෙ රස දන්නා
ගෙවල ප්රේතයො කෙළ හලන්නා
අපට පිදුරුම දෙන්නා
අනේ මේවට හිනා යන්නා
අපව අන්දන්නා
හැංගි හැංගී වෙස් බඳින්නා
මේ හැම නොදන්නා
නමුත් හැමගෙම හෙළු පෙනෙන්නා
මුන් ටික නටන්නා
වෙළඳපොළ උඩ යට දුවන්නා
බහින විට ගන්නා
එකා මතු දා ගොඩට යන්නා