වර්තමාන ආණ්ඩුව තුළ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ආණ්ඩුව දරන වියදම් වලට, ආදායම් උපයාගන්න ක‍්‍රියාමාර්ග සිදුනොවීමයි. ඒ නිසා එම වියදම් දරාගැනීමට ණය මුදල් ලබාගැනීමට සිද්ද වෙලා. වාණිජ මට්ටමේ ණය ලබාගත යුතුව තිබෙනවා. 1% ට වඩා පොලී අනුපාතය අඩු යයි ආණ්ඩුවේ බලධාරින් ප‍්‍රකාශ කළත්, 2013 පොලිය වෙනුවෙන් ගෙවූ මුදල මිලියන 462 යි. ගිය වසරේ ගෙවීමට තිබු සමස්ත ණය මුදල මිලියන 6,976 කි. පොලී අනුපාතය 6.8% කි. සෑම ක්ෂේත‍්‍රයක්ම වර්ධනය කරනවා යැයි සඳහන් කරමින් ණය ලබා ගන්නවා. ජනාධිපති මුදල් අමාත්‍යංශයෙන් ණය බර අඩු කරා යැයි සඳහන් කරත්, එය සිදුකර තිබෙන්නේ රජය විවිධ ආයතනවලට බෙදාහැරීමෙන්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 421 ක්, ලංකා විදුලිබල මණ්ඩලයට බිලියන 48, මහජන බැංකු ඩොලර් බිලියන් 1500 යි, ලංකා බැංකුව ඩොලර් බිලියන 50 යි. මෙවැනි දේවල් මුදල් අමාත්‍යංශයට ගැනෙන්නේ නැහැ. මෙලෙස රාජ්‍ය ආයතන ණය උගුලකට හසුකර ජනතාව මත බදු බර පටවා තිබෙනවා. තෙල් වලට අධික බදු මුදලක් අය කරනවා. කොළඹ වරාය දැනටමත් චීනයට පවරලා. මේක භයානක මුදල් සූදුවක්.
මෙය රටේ අනාගතය වෙත එල්ලවන ප‍්‍රශ්නයක්. බලශක්තිය, නිවාස, සෞඛ්‍ය ,අධ්‍යාපනය පිලිබඳ වැඩි ආවදානයක් යොමු නොකර මෙගා ව්‍යාපෘති ආරම්භ කරනවා. බෙලිඅත්ත මාර්ගයට කිලෝමීටරයකට ඩොලර් මිලියන 11 වැය කළා. මෙලෙස විශාල ව්‍යාපෘති වලින් සිදුකරන කටයුතු වලින් ජාතික අදායමට කිසිම දායකත්වය ලැබෙන්නේ නෑ. රට තුළ ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමක් ඇති වෙන්නේ නෑ. මහවැලි ව්‍යාපෘති වැනි දේ වලින් මිනිසුන් බොහෝ ප‍්‍රතිලාභ ලැබුවා. නමුත් වර්තමානයේ සිදුවන සංවර්ධනය තුළ එහි ප‍්‍රතිලාභ යන්නේ සුඛෝපබෝගී පන්තියට විතරයි. කොළඹ නගරය තුළ අධි සුඛෝපබෝගී වෙළඳ සංකීරණ හදන්නේ ජනතාවගේ පැට‍්‍රල් ලීටරයකින් රු. 52/-ක්, ඞීසල් ලීටරයකින් රු.17/- ක්, කිරිපිටිවලට රු 138/-ක්, සීනි රු. 28/-ක්, පරිප්පු රු. 18/- ක් වැනි බදු මුදල් පනවමින්. එලෙස සාමන්‍ය ජනතාවගේ බදු මුදල් අය කළත්, සුපිරි වෙළෙඳ සංකීරණ වලට යන්න සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැහැ.
සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව සඳහන් කරන අකාරයට ජනතාවගේ බදු මුදල වැඩි ප‍්‍රතිශතයක් භූක්ති විඳින්නේ සුඛෝපභෝගී පන්තියයි. පසු ගිය කාලය තුළ ශුද්ධ අදායම වැඩි වීම 3% ශුද්ධ වියදම 7% කටත් වැඩි. ශුද්ධ ඉතුරුම් 27% කට අඩු වෙලා. 2013 වර්ෂයේදී රුපියල් බිලියන 700 ක මුදලක අඩුවක් පේනවා. ඒ ජනතාවට ගලා යා යුතු මුදල්. නමුත් එය එසේ සිදුව නෑ, ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. කලාපයේ අනෙකුත් රටවල් සමග සංසන්දනය කර විට අධ්‍යාපනයට, සෞඛ්‍යට අඩුම මුදලක් වෙන් කරණු ලබන්නේ මේ රටයි. මෙවැනි කටයුතු තුළින් ආර්ථික පරතරය විශාල වෙන එක විතරයි සිදු වන්නේ.”
මෙම අවස්ථාවට සම්බන්ධ වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කලේ මෙසේය. අද ආණ්ඩුව ගත් වාණිජ ණය වැඩි වී තිබෙනවා. චීනයට ඩොලර් බිලියන 6 ත් 7ත් අතර ප‍්‍රමාණයක් තිබෙනවා. ගෘහස්ථ ආර්ථිකයේ වර්ධන වේගයක් දකින්නට ලැබෙන්නේ නෑ. වර්තමාන ආණ්ඩුව තුළ පවතින දූෂණය, වංචාව, නාස්තිය නිසා ආර්ථිකයේ ප‍්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලාගන යන්නේ නැහැ. අතිවිශාල වියදම් පියවීමට ණය ලබාගන්නවා. ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මෙම වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 8,875 ලබා ගත්තා. 2013 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ සඳහන් වෙනවා. ඉහළ අදායම් ලබන 10% අහාර සඳහා ආදායමෙන් වැඩි ප‍්‍රතිශතයක් වැය කර ඇති බවට. කොතරම් භෞතික දේ සංවර්ධනය කරත්, ඉන් ගෘහස්ථයට ප‍්‍රතිලාභ ගමන් කරන්නේ නැත්නම් එහි ආර්ථිකයෙන් සෙතක් නෑ.”