බැඳුම්කර නිකුතුව සම්බන්ධ ප්‍රශ්නය මඟහරිමින් අගමැතිවරයා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රැක ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (17 දා) පාර්¨ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මහ බැංකුව විසින් රුපියල් කෝටි සියයක බැඳුම්කර නිකුතුව රුපියල් කෝටි දහස දක්‌වා ඉහළ දැමීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සභා ගැබෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ පසුව නැගී සිටි විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.
අගමැතිවරයා ප්‍රශ්නය මඟ හරිමින් විනාඩි හතළිස් පහක් පුරා කළ කතාව ගැන මේ සතියේදීම විවාදයක් අවශ්‍යයි. ඔහු කරුණු යටපත් කළ අයුරු, අර්ජුන මහේන්ද්‍රන් ආරක්‌ෂා කිරීම ගැන බ්‍රහස්‌පතින්දාට විවාදය ලබා දෙන්න. එයාර්ලංකා ගනුදෙනු ගැන පරීක්‍ෂණ කිරීමට අපි විරුද්ධ නෑ. ඒ ගැන පරීක්‍ෂා කරන්න. අපි ඒ ගැන සතුටු වෙනවා. ඒත් ඒවා තුළින් මේ ප්‍රශ්නය, මේ බැඳුම්කර මහා ප්‍රොaඩාව යටපත් කරන්න එපා. අගමැතිතුමා මේ කළ ප්‍රකාශය ඔස්‌සේ ඕනෑම වේලාවක පවත්වන මැතිවරණයකදී එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කරන්න අපි ලෑස්‌තියි.
http://www.divaina.com/2015/03/18/news04.html