ප්‍රධාන පෙළේ ඩිජිටල් මුදල් හුවමාරු සේවා සැපයුම් ආයතනයක් වන සූම් කෝපරේෂන් (NASDAQ: XOOM)- එහි මුදල් හුවමාරු සේවා අද ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සම්පත් බැංකු ගිණුම් වෙත ක්‌ෂණිකව මුදල් තැන්පත් කිරීමේ හැකියාව පිරිනැමීම සඳහා මෙරට විශාලතම බැංකුවක් වන සම්පත් බැංකුව සමඟ සූම් ආයතනය හවුල්කාරීත්වයක් ඇතිකර ගන්නා ලදී. එපමණක් නොව, හැටන් නැෂනල් බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව සහ තවත් බොහෝමයක් බැංකු ඇතුළුව මෙරට අනෙකුත් බැංකුහි පවත්නා ගිණුම් වෙත පැය 24 ක් තුළ මුදල් තැන්පත් කිරීමේ හැකියාව සූම් ආයතනය පිරිනමයි. මෙම සේවාව ශ්‍රී ලංකාවේ දියත් කිරීම සමඟ සූම් ආයතනයේ මුදල් හුවමාරු සේවා දියත් කළ රටවල් සංඛ්‍යාව 33 ක් බවට පත්වේ.
''සූම් සේවාවන් ශ්‍රී ලාංකීය වෙළෙදපොළට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වන්නෙමු.'' යෑයි සූම් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් කුන්සේ මහතා පවසන ලදී. ''අපගේ නවතම තාක්‌ෂණය හරහා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉතාමත් පහසුවෙන් සුරක්‌ෂිතව මෙන්ම අවම පිරිවැයක් යටතේ මෙරට වෙසෙන ඔවුන්ගේ යහළුවන් සහ පවුලේ අය වෙත මුදල් එවිය හැකිය.''
''සම්පත් බැංකුව සූම් ආයතනය සමඟ ඇතිකර ගත් එහි නව හවුල්කාරීත්වය සාඩම්බරයෙන් නිවේදනය කරයි.'' යෑයි සම්පත් බැංකුවේ විද්යුත් මුදල් ප්‍රේෂණ ජ්‍යෙෂ්ඨ කළමනාකරු කුසල් ද සිල්වා මහතා පවසන ලදී. ''බැංකුවේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීම සඳහා බැංකුව විසින් තබන ලද තවත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. සූම් ආයතනය සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය හරහා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉතාමත් පහසුවෙන් ක්‌ෂණිකව සහ සුරක්‌ෂිතව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙත මුදල් එවීමට හැකි ය.''
Courtesy: Diwaina 20 May 2015