by Admin 01 · July 10, 2015
නාමයෝජනා ලබා දෙන රාජපක්ෂ පිලේ සාමාජිකයින් පිළිබඳව තවම අවසන් තීරණයක් ජනාධිපතිවරයා තවම ගෙන නොමැති බවත් ඉදිරි දිනවලදී එය වෙනස් විය හැකි බවත් ඊයේ (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂට හා ඔහු වටා සිටී දූෂිතයින්ට නාම යෝජනා ලබාදීමට තීරණය කිරීම හරහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවගෙන් එල්ල වන විරෝධය පිලිබඳව දැනී ඇති බවත් තමන්ද තමන් ඇතුළු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ පිරිස් එම තත්වය පිළිබඳව කලකිරීමටකට පත්වී සිටින බවය.
පසුගිය ජනවාරි 08 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් තීරණාත්මකව ජනතාව ප්‍රතික්ෂේප කරනු ලැබූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය වෙත නැවතත් පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදීම ජනමතය දැවැන්ත ලෙස නොසලකා හැරීමක් හා ඊට එරෙහිව යෑමක් බවට පත් වී තිබේ. මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන, ස්වාධීන පුද්ගලයින්, දේශපාලන පක්ෂ මෙන්ම රාජපක්ෂ කල්ලියට එරෙහිව කටයුතු කළ සියලු දෙනාගේම විරෝධය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත එල්ල වෙමින් තිබේ. ඒ ජනතාව ඉදිරියේ වූ පොරොන්දුවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙනි.
තමන් වෙත ලැබුණු ජනවරමට පිටු පා කටයුතු කිරීම හේතුවෙන් මාස හයක් ගතවීමටත් පෙර ජනාධිපතිවරයාට එරෙහිව දැවැන්ත විරෝධයක් නිර්මාණය ගොඩ නැගී තිබේ. පක්ෂය හා පක්ෂ නායකත්වය බේරා ගන්නවාද එසේ නොමැතිනම් තමන්ට ජනවාරි 08 වැනි දින ඡන්දය ලබා දුන් හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරනවාද යන්න පිළිබඳව ඉතා ඉක්මනින් තීන්දු කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදු වනු ඇත. රාජපක්ෂ කල්ලිය වෙන ශ්‍රීලනිපයේ හා රටේ බලය නැවත අත්පත් කර ගැනීමට ඉඩ සලසා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේදැයි බරපතල සැකයක් මේ වනවිට මතුව තිබෙන අතර රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ මේ වනවිට ඔවුන්ද රාජපක්ෂ කල්ලියේ ගොදුරු බවට පත්ව ඇති බව යැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
රීඩ් ශ්‍රී ලංකා