ඒවා බොහෝ තැන් වල අප ඇතුලු බොහෝ අය ලියති.
ඉන් එක ෆෝරම් එකක මීට වසරකට පෙර ගිය කොමෙන්ටු 100 න් 80 ක්ම දේශපාලනේ වීය.
ඉන් ද 90% ක්ම පැවති රජය ගැන යහපාලන ප්රචාරකයින් ගෙන ගිය ගල් පැලෙන බොරු උලුප්පන ඒවා විය.
කවුරුත් පතන වෙනස පතා දේශපලනේ දෙගොඩ තලා ආවත් කිසිදු තහනමක් නොවීය.
පච රැල්ලට එරෙහිව කරුණු දක්වා ලීවේ මා ඇතුලු ස්වල්ප දෙනෙකි.
ඒ කාලයේ අධිවේගී පාර වල් 300% කට වඩා වැඩියෙන් ඇස්තමේන්තු කර MARA හොරා කන බව උදේ සවස ෆෝරම් වල කියන විට, විවිධ මට්ටමේ නිළධාරීන් දහස් ගණනක ගේ එකතුවෙන් සදන ඇස්තමේන්තු වල එසේ කළ නොහැකි බව මම කරුණු සහිතව ලීවෙමි.
අද නව රජය කෙරවල පිටිය පාරේ ගිවිසුම අත්සන් කළ මුදල දැක ඇස් උඩ ගිය අයට එදා මා කිව් දේ සත්‍ය බව පිලිගන්නට සිදුවී ඇත.
කෙසේ හෝ ගෙවුනේ වසරක් වැනි කෙටි කලකි.
පැතූ වෙනස හිතුවාටත් වඩා ඉස්තරම් ලෙස මල්ලිලාට ලැබී ඇත.
දැන් වෙනස කෙතරම් ඉහල ද යත් සමහර ෆෝරම් වල දේශපාලනේ ගෑ වුනත් ඇඩ්මින් ලාට ඩෝං යනවාය.
යහපාලනෙන් රට ජාතියට හමුදා විරුවන්ට මදි නොකියන්න දෙන ආතල් හෙවත් සැප ගැන නොව ටැක්ස් වැඩි වීම වැනි ආයෝජන සම්බන්ධ දෙයක් ගැන කතා කරන විට "අපි කලින් මේවා මෙහෙම වෙන බව කිව්වා" කියා වත් කවුරු හෝ යාන්තමින් වත් ලිව්වොත් කොයි තරම් තද වෙනවාද කියතහොත් දේශපාලනේ කරන්න එනවා කියා ෆෝරම් එක වහලා දාන්න තර්ජනයද කරනවා ය.
එදා බඩ කට පුරා ගිල්ලවූ දේශපාලනේ ගියේ මාස 14 යි දැන් දිරවන්නේ ම නැත.
යහපාලන තිත්ත බෙහෙත් රස කර අනුන්ටත් පොවන්න ගිය අයට දැන් යහපාලන නම ඇහෙන කොට උන් හිටි තැන් අමතක වෙනවාය.
අහෝ වූ විපතක තරම.
අපටත් දැන් කියන්න තියෙන්නේ "අපි කලින් මේවා මෙහෙම වෙන බව කිව්වා" කියා ය.