මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය ආපසු ආරම්භ කර තිබුණද නවතා තිබුනු කාලයේදී දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් තම රටට සිදු වූ බවද ඔහු සදහන් කලේය.
තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කලත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ‍්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු විමසා සිටියේය.
චීනයේ ණය පොලිය අධික යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් දැඩි ලෙස විවේනය කරමින් තානාපත්වරයා විමසා සිටියේ චීනයේ ණය පිරිවැය ඉයල නම් තම රටෙන් තව දුරටත් ණය ඉල්ලා සිටින්නේ මන්ද කියායි.
November 2, 2016 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස්