තලුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා
කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ
ලේ හැලුනෙත් නෑ සුද්දා තරහ වුනෙත් නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමූ ඒ නිදහස් පානේ සුමිහිරී
තවත් සුමිහිරී අද ඒ පානෙ මිතුරනී
හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරි ලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල.....