ඩෙංගු සටනින් ජය ලබන්න බැරිද ?
ලංකාවෙ ඩෙංගු මර්ධනය කරන්නෙත් අවුරුදු 30 ක් යුද්දෙ කලා වගේ.
දුම්ගහනව. වතු වලට පැනල මිනිස්සුන්ට නඩු දානව. පිරිසිදු කරන්න කියනව. කෝ ප්‍රතිඵල ? ඩෙංගු වැඩි වෙනව.
වසරින් වසර රෝගය ව්‍යාප්ත වෙනව.
ඒ කියන්නේ මේ මර්ධන ක්‍රමය අසාර්ථකයි. නමුත් ඒකම කරනව.
මේකට සම්පූර්නයෙන් වග කියන්න ඕන ඩෙංගු මදුරුවා ගේ බෝවීම නොහදාරා, නොසලකා මර්ධන ක්‍රම දියත් කරන සෞඛ්‍ය උගත්තු.
යුද්දෙටත් උනේ මේකමයි. වසර 30 ක් ඇදී ගියා.
අවසානයේ නියම ක්‍රමය හඳුනාගත් අය වැඩේට බැස්සා. කොටි මර්ධනය උනා.
මදුරුවා යනු පියාඹන සතෙක්. මිනිසා යනු පයින් යන සතෙක්.
බිම ඉන්න සතෙකුට හැකියාවක් නෑ බිම, උඩ, අහසේ ජීවත් වන සතෙක් ගේ ප්‍රජනනය නවත් වන්න.
අපි සහ අපේ නගර සභා , සෞඛ්‍ය දෙපාර්තමේන්තු, විද්‍යාඥයෝ මොකද කරන්නෙ ?
කාණූ සුද්ද කරනව. කුණු ගොඩවල් සුද්ද කරනව. ඒ සඳහා නියෝග දෙනව. නඩුත් දානව. අපි දඩත් ගෙවනව.
නමුත් මදුරුවා උගේ ගැහැනු සතා එක්ක බෝකරන වැඩේ නවත් වන්නෙ නෑ. ඩෙංගු දිගින් දිගටම වැඩි වෙනව
මදුරුවා කියනවද අනේ අන්න මිනිස්සු වත්ත සුද්ද කරල අපේ බිත්තර දාන්න තැනක් නෑ අපි වැඩේ නොකර ඉමු කියල ?
අපි බිම ඇවිදින සත්තු එහෙම හිටියට මදුරුවා ගෙ ලෝකෙ වෙනස්.
ඌ දන්නව, ඌට පේනව කෙහෙල් පිති වල, පොල් අතු මුල , උස ගෙවල් වල වහලේ සිදුරු වල, බිත්ති වල ඕන තරම් ජලය රැඳෙන තැන් තියෙනව බිත්තර දාන්න. ඉතින් මොකටද නිකං ඉන්නේ ?
ඌ ගිහිල්ල ඒ තැන්වල බිත්තර දාල නව පරපුර බෝ කරනව කිසිම කරදරයක් නැතුව. අපේ මිනිස්සු නැවත නැවතත් අසාර්ථක වෙන එකම ක්‍රියාන්විතයේ දිගටම යෙදෙනව.
එසේ නම් මදුරු ගහනය අඩු කිරීමට කල යුත්තේ කුමක් ද ? කෙහෙල් ගස් පොල් ගස් සියල්ල කපා දැමීමද ?
එය කළ නොහැකි මෙන්ම මෝඩ වැඩකි.
අප කල යුත්තේ උඩ වැඩ කරන අය බිමට ගෙන්වා ගැනීමය.
අප බිම දී බලවත් බැවින් ඌට සටනක් දෙන්න නම් මදුරුවාද හැකිතරම් අපේ තලයට ගෙන්වා ගත යුතුය.. (a level playing field)
ඌට බිත්තර දාන්න බිම මට්ටමේ ස්ථාන සාදා දුන් විට මදුරු මව ඉහල ස්ථාන කරා නොගොස් පහසු තැන්වල බිජු ලයි.
එවිට මිනිසා කල යුත්තේ දිනපතා එම බිත්තර සහිත බඳුන් හිස් කර නව මදුරු පරපුර බෝවීම අඩූ කිරීමය. .
සෑම නිවසකම මෙවන් බඳුනක් තබා වෙනදා රහස් තැන්වල දාන බිත්තර අප ලඟ දැමීමට සැලැස්වීමෙන් ඉතා කෙටි කාලයක් තුල මදුරු ගහනය අඩූ කල හැක.
එසේ නොමැතිව, අප බිම පිරිසිදු කරන තාක් කල් ඌ වෙනත් ආරක්ෂිත ස්ථන කරා ගොස් වඩාත් හොඳින් බෝවීමේ කාර්යය කරයි.
මෙය රජයේ ආයතන මගින් තීරණය කල යුතුය.
ඒ අප තම තමන් මෙසේ කරන්න ගොස් හසු වුවහොත් මදුරුවන් බෝකරනවා යැයි කියා නඩූ දාන බුද්ධිමත් නිළධාරීන් සිටිය හැකි නිසාය.