කල්පිටියේ හා කුච්චවේලිවල අක්කර 1500 ක්. පාසිකුඩාවල අක්කර 500 ක්.
විශාල හෝටල් ව්‍යාපෘති සඳහා මෙරට ඉඩම් සමාගම් වලට කල්බදු ක්‍රමයට පවරන මිල ගණන් පිළිබඳව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන “විමසුම“ ට හෙළිදරව් කළා.
මේ අනුව, අමාත්‍යවරයා පැවසුවේ කුච්චවේලි හා කල්පිටියේ හෝටල් ව්‍යාපෘති ඇරඹීම සඳහා අක්කර 1500 ක් පමණ සමාගම් වෙත පැවරීම සඳහා රජය සූදානමින් සිටින බවයි.
මෙහිදී, කුච්චවේලි ප්‍රදේශයේ ඉඩම් අක්කරයක් වෙනුවෙන් අවුරුදු 99 සඳහා රුපියල් ලක්ෂ 200 ක කල්බද්දක් අයකරන බව අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව, කල්පිටියේ ඉඩම් සඳහා කල්බදු අය කරන්නේ රජයේ තක්සේරු ගාස්තුව පදනම් කරගෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට, පාසිකුඩා ප්‍රදේශයේ අක්කර 500 කට මදක් අඩු ප්‍රමාණයක් හෝටල් ව්‍යාපෘති වෙනුවෙන් බදුදී තිබෙන බවත් මෙහිදීද අයකරන්නේ රජයේ තක්සේරු ගාස්තුව අනුව බව අමාත්‍යවරයා කීය
http://www.vimasuma.com