කල්පනාවෙන් ඉන්න
මතක් කර ගන්න මාර්තු මුල වැටෙද්දි මෙහෙම ගන්න අය හිටියෙත් නැ එත් අද ගන අය ඔනා තරම් ඉන්නවා -කල්පනවට ගන්න මාර්තු වැටුනු තැනින් ඔබ විකුණන්න ඇති - පස්සෙ ටික ටික වැඩිවෙනකොට ගත්තා මතකද ?
අපි ඊට පස්සෙ කියනවා වැඩි වුනාම ආ ප්‍රොෆිට් ප්‍රොෆිට් කියල - අපිම අඩුවට වික්ක ඒවා අපහු වැඩි ගාණට අරන් - තව ටිකක් වැඩි වුනාම අම්මට සිරි සතුටට යාලුවන්ටත් කෝල් කරනකොටත් කියනවා - මචන් මම රිකවර් වුනා මචන් දැන් ප්‍රොපිට් බන් මේ පාර ගොඩ යනවා කියලා ..
හ්ම් හ්ම් හ්ම් ..එහෙම කියන අපි පොඩි කන්දකාඩු වගේ ආරන්චියකට පටාස් ගාල ඔක්කොම විකුණනවා - අඩෝ කෙලවුනා කියල යාලුවන්ටත් කියනවා - පොඩ්ඩක් හොයල බලන්න අපි විකුණන කොට ගන්න අය ඔනා තරම් ඉන්නවා නේද කියලා - ඒ කියන්නේ බඩු වලට ඉල්ලුම තියනවා හැබැයි අඩුවට - මොන එහෙකටද එහම පෙරේතකමින් අඩුවට අඩු අඩුවට ගන්න කට්ටිය බලන් ඉන්නේ රටට කෙළවෙලා යනවනම්
ඔය ටික හොදට කල්පනා කරල බලන්න - ගන්න මිනිස්සු ඇත්තේම නැත්නම් ඔන්න මොකක් ම හරි අවුලක් තියනවා නේ - අඩුවටවත් කොටස් ගන්න මිනිස්සු නැති කාලෙකුත් අපේ කොටස් වෙළදපලේ තිබ්බා - අන්න ඒකාලේ වැඩකටම නැති කාලයක් කිව්වට අවුලක් නැ ..
දැන් එහෙමද ? බැන්කුවක සල්ලි දෑම්මට මෙලෝ රහක් නැ 4% අවුරුද්දකටම පොළිය ලැබෙන්නෙ මොන එහෙකටද ?
එහෙම ද JKH එක 85 ට අරන් කාලයක් තියන් ඉදල 160 විකුණන කොට ලැබෙන පොළිය ඒ මදිවට සමහර විට අතර මැදදි - ලාබත් බෙදනවා
අනික කල්පනාවට ගන්න DIAL-CFVF -KFP SLT වගේ මේ කොරෝනා පිහිටෙන් අම්බානට තම ආදායම වැඩිකර ගත්තු සමාගම් වලත් අපට කොටස් ගන්න පුලුවන්
ඉතින් ඇයි මේ කලබලයක් - බැන්කුවේ අඩු පොළියට දාල තියන මුදල් 70% වගේ අරන් එලියට ඒ බැන්කු වලම කොටස් අරන් කොටස් කාරයෝ වෙලා ලාබත් වැඩි කරන්න
මේ වෙලාවේ ස්මහර බ්‍රොකර්ලත් කියනවා සෙල් ඔෆ් එකකට ගිහින් පස්සේ අඩුවට ගන්න කියල එහෙම කියල සමහරු කියනවා තවත් අඩු වෙයි අපි බයර් ගෙ ඉල්ලන ගානට දීලා සේප් වෙමු සර් කියල - හොයල බලනකොට බයර් සමහර වෙලාවට බ්‍රෝරකර් ගේ බිරිද එක්කො සහෝදරයෙක් නැත්නම් යාලුවෙක් - ඕකත් අපේ රටෙ වෙනවා ඔනා තරම් දැන් ටිකක් අඩුයි අන්තර් ජාලෙට පින්ස්ද්ද වෙන්න..
හැබැයි හැමෝටම හොදට එක වගේ සලකන මනුස්සකම තියන බ්‍රොර්කර් ලත් ගොඩාක් ඉන්නවා - ඔක්කොම පාලනය තියන්නේ අපේ අතේ - මේ වගේ දවස් වලට අහක බලන් ඉන්න ඔහේ ගියාවේ මාර්කට් එක ආපහු ටික දවස්කඉන් කොළ පාටට එද්දි ආපහු බලන්න
මාෆියා එකක්- සමහර කෝටිපති අය අද වගේ දවස් වලට පාර්ටි දානවා ඒවට බ්‍රෝකර්ල සමහරකුත් යනවා - මොකෝ කලබල වෙලා විකුණන කොටස් අර ගෙන ඉස්සරහට අම්බානට ලාබ ගන්න මුල්ගල් දාපු නිසා
මම ලිව්වා කලින් කිව්වා ණයට කොටස් ගන්න එක අඩූම කරගනන් කියලා
ණයට ගන්න එක අඩු කරන්න කියල එතකොට ණය බේරන්න මාර්ජින් එකෙන් ගැල වෙන්න කියල සල්ලි කාරයන්ට තමන් ගේ අයෝජන අඩුවට දෙන්න ඔනා වෙන්නේ නැ
මේ වෙලාවට මහ මිනිසු සමහර වට්ස් අප් කණ්ඩායම් හරහා ෆේස්බුක් කණ්ඩයම් හරහා ඒවා වල ඉන්න තමන්ගේ ගෝලය්න් ලව්වා කියවනවා මාර්කට් එක 4500 බහිනව ඩෝ හොදම දේ විකුණලා ආපහු එන්ටර් වෙන එක අරක මේක ගොඩක් වෙලාවට ඒකෙන් බ්‍රොර්කර් ල පෝසත් වෙනවා අපි ට පාඩුවක් මිසක් වාසි අඩුයි - නැති හෝ තියන අවදානමට වඩා විශාල අවදානමක් කටකතා මගින් කොටස් වෙළ්දපල ආයෝජනය කරන මිනිස්සු ඉන්න අන්තර් ජාල කණ්ඩායම් වල ලියනවා - මේ වගේ කණ්ඩායම් වලත් දානවා - අපිත් ආපහු හිතනවා බය වෙනවා ආපහු විකුණනවා - ආපහු පස්සෙ එන්ටර් වෙලා අලුත් සල්ලිත් හොයන් අපේම ඒවා විකුණපු කොටස් වැඩි මිලට ගන්නවා
ඕක නිසා තමයි කොටස් වෙළදපලින් සුලු ආයෝජකයන් පාඩු ලබන්නත් කෝටිපති අය හැමදාමත් ලාබ ලබන්නත් එකම ලොකූම හේතුව අපි සුලු ආයෝජකයෝ කලබල වෙලා සැරින් සැරේ විකුණලා සල්ලි කාරයන්ව සහ තැරව් කාර සමාගම් පෝසත් කරනවා මේ කලබලේට විකුණන 10දෙනෙක් පටන් ගත්තම ඒ කතාව හැමෝටම කිය කියා කරන්නේ මොක්ද අපි කැමතිය් අපි කරන දේම අපේ යාලුවොත් කරනවාට ඒක මිනිස් ගතිය ඔක ආරිචි වුනාම අනිත් අයත් කලබල වෙනවා - තව අය සෙට් වෙනවා අන්තිමට බහිනවා ඔනාවටත් වඩා අපේම මේ වැඩේ නිසා මාර්ජින් කෝල් එනවා තවත් අඩුවට විකුණන්න වෙනවා - කතාව ඕකයි
තවත් රහසක් - අපි එහෙම කලබල නොවී ඉන්නකොට සල්ලි කාරයො කරන්න ඒ අය ගාව තියන ලක්ස ගනන් කොටස් වලින් ටික ටික පාඩුවට අඩු ගාණට විකුණනවා අපි දන්නේ නැ නේ කවුද මේ විකුණන්නේ කියල - අඩුවට දීලා ඒ සමාගමේ කොටස් මිල ටිකක් පහලට යවනවා සමහර වෙලාවට කෝටිපතිය කරන්නේ එයගෙම වයිෆ් ගේ යාලුවගේ ගිණුමෙන් අඩු ගානට බයි ඔඩර් එකක් දාල තියල ඒ ගානට තමන්ගේ එකෙන් දීලා දානව අපි හිතන්නේ අඩුවට යනවා අපොයි තවත් බහියි දිලා අයින් වෙලා ආපහු අඩුවට එනවා කියල
ඔය වගේ සීන් මේ කාලේ ඔනා තරම් වෙනවා ඇති ඒක නිසා ආයෝජකයන් වන්න කලබල වෙලා දෙන්න නෙවෙයි ආයෝජනයක් හැටියට තියන්න කොටස් ගන්න - අඩුවෙන එවා වටිනා නිසයි අද ජුලි 10 ගත්තා වගේ සල්ලි ඇති අය ගත්තේ ගන්නේ .. බලෙන් කොටස් මිල පහල බස්සන අය ට බැන්නත් අඩු වෙද්දි ගන්න කෝටිපති මිනිස්සුන්ට බනින්න අපට අයිතියකුත් නැ අපි විකුණන නිසා නේ අ මිනිස්සු ගන්නේ
ඒ නිසා කල බල නොවී - බැන්කු වල අඩු පොළියට දාල තියන මුදල් අරන් කොටස් මිල පහල යද්දි තව තවත් කොටස් අරන් තමන් ගේ මිල වියදම අඩු කර ගන්න අවෙ අවෙවව කියන්නේ මේ කයි ..
කෝටිපතියන් කලබල වෙලා ගන්නවා බහින කොට මිසක් කව දා වත් විකුණන් නේ නැ හිතින් කෝටිපතියන් වගේ හිතන්න - අතරින්න් එපා සටනක් නොදී කිසිම අභියෝගයක් ජීවිතේ අනික තමන් හිතල බලල වැඩ කරන්න අපටවත් බ්‍රොකර් ටවත් කොටස් වෙළදපලටවත් බැන බැන ඉන්න නැතුව
අවසන් වශයෙන් මතක තබ ගන්න - චන්දයක් කට උඩ තියන් - ජනපතිති ආණ්ඩුවත් මේ තත්වය පාලනය කරන්න පුලුවන් උපරීම දේ ටත් එහා දේ කරනා බව අනික කන්දකඩු කදවුරේ ඉන්නේ 500 වගේ පිරිසක් ඒ අය ගුවන් හමුදාවේ සිටි අය වගේ ගෙදර වරින් වර ගිය අයත් නෙවෙයි - අමුත්තන්ටත් එන්න දීලත් නැ - අපේ හමුදාව ශක්තිමත් අපි කලිත් තද රැල්ලක් පාලනය කරා වගේ මේ කන්දකාඩු රැල්ල පාලනය කරනවා - චන්දෙත් තියනවා - ස්තාවර ආණ්ඩුවක් වසර ගානකට පස්සෙ පත් වෙනවා - හැම හැම ජාතියේම ආයෝජකයන් කොටස් වෙළද පලට දැනටමත් ඇවිත් ඉන්නේ - රජය පත් වුනාම රක්ශන සන්ස්තාව - සේවක අර්තසාදක අරමුදල වගේ රජයේ අරමුදල් රජයේ මහා බැන්කු අරමුදල් එහේමත් කොටස් වෙළදපල ආයෝජනය කරන්න සූදානම් වෙනවලු -ඒ එක්කම පොළීඅනුපාත තවත් පහල යන්න හොදටමඉඩ කඩ තියනවා ..අනාගතය සුබයි - කල්පනාවෙන් කලබල නොවී බලන් ඉන්න ආයෝජනය කරන්න.ය්