ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ.
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.
පළමු අදියර යටතේ වරාය නගරය තුළ ජාත්‍යන්තර මට්ටමේ ඒ ශ්‍රේණියේ කාර්යල කුලුනු තුනක්, සුඛෝපභෝගී නිවාස සහිත කුලුනු දෙකක් සහ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකෙරෙනු ඇත.
දෙවැනි අදියර යටතේ ජාත්‍යන්තර මට්ටමේ කාර්යාල කුලුනු දෙකක් හා වෙළෙඳ සංකීර්ණයක් ද ඉදිකෙරේ.