Sri Lanka stocks end up 0.5-pct
අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළ සියයට 0.5 කින් ඉහළ ගිය අතර හේතුවක් නොමැතිව විශාල ලෙස කොටස් මිල ඉහළ ගිය Singer Industries (Ceylon) සමාගම සඳහා මිල සීමාවක් පැනවීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කළේය.
මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 0.53 කින් හෙවත් ඒකක 35.64 කින් ඉහළ ගොස් ඒකක 6,783.55 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.78 කින් ඉහළ ගොස් ඒකක 6,045.11 ක් විය.
අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 2.36 කි.
සියයට දහයකට වඩා මිල ඉහළ පහළ යා නොහැකි ලෙස විනිමය කොමිසම විසින් ඊයේ මිල සීමාවක් පැනවූ Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් අද දිනයේදීද රුපියල් 7.90 කින් ඉහළ ගොස් රුපියල් 358.50 ක්වූ අතර Singer Industries (Ceylon) සමාගමේ කොටසක මිල අද දිනයේදී විශාල ලෙස වැඩිවුණි.
මේ අනුව, Singer Industries (Ceylon) සමාගමේ කොටසක මිල රුපියල් 66.90 කින් අද වැඩිවූ අතර ගනුදෙනු අවසානයේ එහි මිල රුපියල් 384.10 ක් ලෙස දැක්වුණි.
අද දිනයේදී එක්තරා අවස්ථාවක Singer Industries (Ceylon) සමාගමේ කොටසක් රුපියල් 439 ක් දක්වාද වැඩිවූ අතර මේ හමුවේ විනිමය කොමිසම මේ සමාගමේ කොටස් වෙනුවෙන් සියයට 10 ක මිල සීමාවක් පැනවීමට කටයුතු කළේය.
මීට අමතරව, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත දහයකින් වැඩිවී රුපියල් 4.90 ක් දක්වාද Lanka Hospital Corporation කොටසක් රුපියල් 3.60 කින් වැඩිවී රුපියල් 63 ක්ද වුණි.
එසේම, Regnis (Lanka) කොටසක් රුපියල් 19.90 කින් වැඩිවී රුපියල් 440.20 ක්වූ අතර ඊයේ සියයට දහයේ මිල සීමාවට යටත් කළ Ascot Holdings සමාගමේ කොටසක් අද දිනයේදී රුපියල් 2.90 කින් පහළ ගොස් රුපියල් 186 ක් විය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3256&catid=50:puwatharthika&Itemid=56