Thursday, 19 January 2012 21:36
Sri Lanka power projects eyed by Marubeni
එක්තරා කාලයක මෙරට සිට පසුව ලංකාව හැරගිය ජපානයේ Marubeni Corporation නැමති බහුජාතික සමාගම යළිත් මෙරට ආයෝජනය කිරීමට සූදානම් වේ.
මේ පිළිබඳව අනාවරණය කරමින් වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය පවසන්නේ මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට මෙම සමාගම කැමැත්තක් දක්වා තිබෙන බවත් මෙරට කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය වී ඇති බවට මෙය හොඳ සාක්ෂියක් බවයි.
මේ යටතේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් Marubeni India සමාගමට මෙරට වෙළඳ පොළට ද්‍රව ස්වභාවික වායු(LNG) සැපයිය හැකිබව රජයට දැනුම් දී තිබේ.
මෙම සමාගම වසර 25 ක් පමණ ලංකාවේ ව්‍යාපාර කටයුතු කළ අතර ඇතිවූ අයහපත් වාතාවරණය හමුවේ 2008 මැයි 01 වනදා ලංකාව හැර යාමට තීරණය කළේය.
සමාගම හොඳින් විවිධාංගීකරණය වූ බහුජාතික සමාගමක් වන අතර ආහාර, රෙදිපිළි, කඩදාසි, රසායනික ද්‍රව්‍ය, බලශක්තිය, යකඩ, යන්ත්‍ර සූත්‍ර, ප්‍රවාහනය, ඛනිජ සම්පත් යන අංශවල ව්‍යාපාරික කටයුතු කරන දැවැන්ත සමාගමකි.
ගිය වසරේදී සමාගමේ ශුද්ධ ලාභය ඩොලර් බිලියන 1.8 ක්වී තිබේ.
http://www.vimasuma.com