The Colombo Commercial High Court today ordered the Director General of Customs and the Registrar of Pesticides to stop the release of fertiliser allegedly contaminated by arsenic and mercury until further notice.
The order was made on Customs Director General Sudharma Karunaratna and Pesticides Registrar Neville Gunawardena after considering the submissions made by Counsel Ravindranath Dabare.
The petitioner – Centre for Environmental Justice – said Ms. Karunaratne had retained in her custody several containers of the allegedly contaminated fertiliser which were hazardous to the environment and to humans.
The petitioner said Mr. Gunawardena had directed that the fertiliser be released to the market.
The petitioner asked that laboratory tests be carried out by the National Toxicology and Toxinology Centre and said the health services director had sent samples to the Department of Forensic Medicine and to the Colombo JMO Ananda Samarasekera for examination and it was confirmed that the fertiliser was contaminated with arsenic and mercury.
The petitioner said the customs had taken steps to release the fertiliser to the importers after levying a fine. (T. Farook Thajudeen)
පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් 5/8/2011 දින කැඳවූ 55 වැනි පළිබෝධනාශක තාක්‍ෂණික උපදේශක කමිටු රැස්වීමේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන අංගය වූයේ රේගුව විසින් අත්අඩංගුවේ රඳවා තබාගෙන ඇති පළිබෝධනාශක තොගවලට කුමක් කල යුතුද යන්නයි. එහිදී රෙජිස්ට‍්‍රාර්වරයා එම කමිටු සාමාජිකයන් යටත් කිරීම හෝ ඇන්දවීමට ගන්නා ලද උත්සාහයක් මෙන්ම කමිටු සාමාජිකයන් ඊට යම් ප‍්‍රතිරෝධයක් දක්වා ඇති බවද අදාල කමිටු වාර්තා කියවීමේදී පෙනී යයි. කෙසේ වෙතත් දැන් එම නිර්දේශ මත පදනම්ව ඒ වන විට රේගුව විසින් රඳවාගෙන සිටි පළිබෝධනාශක තොග සියල්ල නිදහස් කිරීමට පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා රේගුවට නිර්දේශ කොට ඇත. ඊට අමතරව ඒ වන විට තමා තාවකාලිකව තහනම් කොට තිබූ පළිබෝධනාශක වර්ග තහනම ඉවත්කොට ඒවා වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කිරීමටද ඔහු කටයුතු කර ඇත.
නමුත් එම තාක්‍ෂණික උපදේශක කමිටුවේ බරපතල පරස්පරතාවයන් දක්නට ඇත. මේ වන විට ලෝකයේ කිසිදු රටක පළිබෝධනාශකවල අඩංගු විය හැකි ආසනික් හෝ රසදිය සඳහා අවම හෝ උපරිම මට්ටමක් නියම කොට නැත. ඒ අනුව තාක්‍ෂණික කමිටුවද තමා ආසනික් අඩංගු විය හැකි උපරිම මට්ටම් පිළිබඳව නිර්දේශ ලබා නොදිය යුතු බව පිළිගෙන ඇත. එසේ වවුත් ඒ වන විට යම් ප‍්‍රමාණවලින් ආසනික් අඩංගු වීම නිසා තාවකාලිකව තහනම් කොට තිබූ පළිබෝධනාශක භාවිතයෙන් මහජන සෞඛ්‍යයට හානියක් සිදු නොවන බවට කමිටුව නිර්දේශ කොට ඇත. එහෙත් විවිධ මට්ටම්වලින් අඩංගු වූ ආසනික් ප‍්‍රමාණයන් මහජන සෞඛ්‍යයට අහිතකර නොවන බව නිර්දේශ කිරීමට කිසිදු (අවම මට්ටම් පිළිබඳව* නිර්ණායකයන් හෝ පර්යේෂණ දත්ත ඔවුන් විසින් ඉදිරිපත් කොට නැත. ඒ අනුව ඔවුන් තම පුද්ගලික විශ්වාසයෙන් නිර්දේශ ලෙස ඉදිරිපත් කොට ඇති බව පෙනේ. ඊට අමතරව එම නිර්දේශයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කල නියෝජිතයා කිසිදු මතයක් ඉදිරිපත් කොට නැත. අඩු වශයෙන් විෂවේදය පිළිබඳව තම අමාත්‍යාංශය විසින් පත් කොට ඇති විශේෂඥ කමිටුවෙන් උපදෙස් පැතිය යුතු බවක්වත් ඔහු පවසා නැත.
කෙසේ වෙතත් දැනට රටතුලට ආනයනය කොට ඇති ආසනික් මනුෂ්‍ය ශරීරයට විෂ නොවන බව පැවසීමෙන් පසුව ඔවුන් ඊට හාත්පසින්ම වෙනස් නිගමනයකට එළැඹේ. ඒ අනුව ආසනික් මිනිස් සිරුර තුල ක‍්‍රමයෙන් එකතු විය හැකි මූලද්‍රව්‍යයක් බැවින් දීර්ඝ කාලයක් ආසනික් අඩංගු පළිබෝධනාශක භාවිතය මඟින් මහජන සෞඛ්‍යට හානි සිදුවිය හැකි බවයි. ඒ අනුව ආසනික් පමණක් නොව රසදිය සහ කැඞ්මියම් ඇතුළු විෂ සහිත මූල ද්‍රව්‍ය කිහිපයක් සඳහා ආනයනයේදී පරීක්‍ෂණ වාර්තා ලබා ගත යුතු බවට කමිටුව නිර්දේශ කොට ඇත. එහෙත් ඒ වන විට අත්අඩංගුවට ගෙන ඇති පළිබෝධනාශකවල රසදියද අඩංගු බවට චෝදනා එල්ල වුවත් ඒ පිළිබඳ කමිටුව වචනයක්වත් කතා නොකිරීමට පරිස්සම් වේ. එසේම ඔවුන්ගේ මතය අනුව ශරීරය තුල එකතු විය හැක්කේ මින් පසුව ආනයනය කරන ආසනික් පමණි. (ආසනික් අඩංගු පළිබෝධනාශක* ඔවුන්ට අනුව රේගුව දැනට අත්අඩංගුවේ තිබෙන ආසනික් හෝ ඊට පෙර ආනයනය කල ආසනික් වලින් එවැනි විපතක් වන්නේ නැත. අනාගතයේදී පමණක් ආසනික් පිළිබඳව පරීක්‍ෂණ වාර්තා කැඳවීමට තීරණය කිරීමෙන් ගම්‍යවන අදහස එයයි. ඒ අනුව දැනට තාවකාලිකව තහනම් කොට ඇති පළිබෝධනාශකවල අඩංගු ආසනික්වලටත් ඒ පොදු න්‍යාය අදාල නොවේ. මේ නිගමනය හෙවත් නිර්දේශය පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයාට අවශ්‍ය වුවත් එය කමිටුවේ විද්වතුන්ගේ ගෞරවයට ඉතා හානිකරය.
එසේ වුවත් කමිටුව ආනයනය සඳහා පමණක් හෝ නිර්දේශ ලබා දීමෙන් තම නිරුවත අතින් හෝ වසාගැනීමට සමත් වී ඇත. ඒ අනුව (ඔවුන්ගේ නිර්දේශ අනුව) අනාගතයේ ආනයනය කරන සියළු පළිබෝධනාශකවල අඩංගු ආසනික්, රසදිය ආදී විෂ මූලද්‍රව්‍ය පිළිබඳ පරීක්‍ෂණ වාර්තාවක් ලබාදීමට ආනයන කරුවන් කටයුතු කල යුතුය. රේගුවටද ඒවා ඉල්ලා සිටීමේ අයිතිය ලැබේ. එසේම පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයාද අහඹු ලෙස සාම්පල පරීක්‍ෂා කොට එම විෂ මූලද්‍රව්‍ය තිබේ දැයි පරීක්‍ෂා කල යුතුය. නමුත් කමිටුවේ ඊළඟ නිර්දේශය මඟින් කියන්නේ එම විෂ වර්ග මැනිය හැකි ප‍්‍රමාණවලින් නොතිබිය යුතු බවයි. එනම් එක බිංදුවක් හෝ තිබිය නොහැකි බවයි. ඒ අනුව අනාගතයේ ආනයනය කරන කිසිදු පළිබෝධනාශක ආසනික්, රසදිය, කැඞ්මියම් ආදී විෂ මූලද්‍රව්‍ය අංශු මාත‍්‍ර ලෙස හෝ නොතිබිය යුතුය. ඒ නිර්දේශය අදටත් වලංගු කලහොත් රේගුවේ තිබෙන පළිබෝධනාශක තොග නිදහස් කල නොහැක. එසේම තාවකාලිකව තහනම් කල පළිබෝධනාශකවල තහනමද ඉවත් කල නොහැක.
මේ සියල්ල අනුව පෙනී යන්නේ පිළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා තාක්‍ෂණික උපදේශක කමිටුවේ අතකරකවා රේගු අත්අඩංගුවේ පවතින තොග සහ ඔහු විසින්ම තාවකාලිකව තහනම් කල තොග නිදහස් කරගෙන ඇත. එසේම තාක්‍ෂණික කමිටුවේ විද්වතුන්ද ඒ සහනයට හිලවු වශයෙන් රෙජිස්ට‍්‍රාර්වරයාගේ කණෙන් රිංගා අනාගතය පිළිබඳ සහතිකයක් දී ඇත. ඒ අනුව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා තමා විසින් හිසේ සිට දෙපතුලට ජරාව තාක්‍ෂණික නිළධාරීන්ගේ ඇෙඟ් ගෑමට ගත් උත්සාහය යම් පමණකට ව්‍යවර්ථ වී ඇත. එසේ යම් පමණකට රෙජිස්ට‍්‍රාර්වරයාගේ යම් අරමුණු නියෝජනය කිරීම මඟින් ඔවුන් ජරාව ගාගෙන ඇත. දැන් ඔවුන්ට ඒ ජරාව සෝදාගැනීම සඳහා මඟක් ඇත. එසේ කල හැක්කේ තම නිර්දේශ චක‍්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට රෙජිස්ට‍්‍රාර්වරයාට බලකිරීම මඟින් අනාගතයේ ආසනික් සහ රසදිය ආනයනය සිදුනොවන බව සහතික කිරීම මඟිනි.
ඒ අනුව පළීබෝධනාශකවලට එරෙහි යුද්ධයේ එක් සටනක් වන ආසනික් විරෝධී සටන තාවකාලිකව පරාජයට පත්වී ආසනික් වෙලඳුන් ජයග‍්‍රහණය කර ඇත. නමුත් හෙට දින ඒ සටන ජයගැනීමේ විභවය ඒ පරාජය තුල මතුව ඇත. එයට හේතුව රේගුව විසින් නිදහස් කල පළිබෝධනාශක තොග වෙළඳපලට නිකුත් නොකරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබීමයි. අවසානයේ පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් රෙදි ගැලවූ තාක්‍ෂණික උපදේශක කමිටු සාමාජිකයන් අධිකරණය විසින් දණ ගස්වා ඇත.
http://www.lankacnews.com/sinhala/main-news/45334/
http://www.dailymirror.lk/news/16411-court-stops-release-of-fertiliser.html