ඕවල් පිටියේදී ඊයේ ඉන්දියාව සමග පැවැති තරගය පරාජය වීම පිළිබද කණගාටුවට පත්වන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන විදෙස් මාධ්‍යට පවසා තිබේ.
එම තරඟයේදී ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් අනිවාර්යෙන්ම ජය ගැනීමට අවශ්‍යව තිබූ හෙයින් ඉන්දීය ක‍්‍රීඩකයින් නියත ජය අපේක්ෂාවෙන් ක‍්‍රීඩා කළ බවත් තමන් මෙහිදී අවස්ථානුකූලව කටයුතු කළ බවත් ජයවර්ධන ප‍්‍රකාශ කර තිබේ.
තමන් පන්දු වාර 20-22ත් අතර කාලයේදී පවර් ප්ලේ අවස්ථාව ලබා ගැනීමට සූදානම් වුවද ඒ වන විට ඉන්දීය පිතිකරුවන් පන්දු වාරයකට ලකුණු 9ක දළ වේගයක් පවත්වාගෙන යාම එය ප‍්‍රමාද කිරීමට හේතුවූ බවද ඔහු පවසයි. කෙසේ වෙතත් පන්දුයවන අවස්ථාවේ පවර් ප්ලේ ලබා ගැනීමේදි යම් වරදක් වූ බවද ශ්‍රී ලංකා නායකයා කියා සිටී.