එකෙන් පෙන්නුම් කරන්නෙ තියෙන්නෙ එකක ශක්තිමත් භාවය හෝ දුර්වලතාවය. ප්‍රධාන වශයෙන් මෙකෙන් පෙන්නුම් කරන්නේ,
"යම් කොටසක සීමාවන් ඉක්මවූ ගැනුම් හෝ විකුනුම් අවස්ථා අනුව ඉදිරි නැග්ම හෝ පසු බැස්ම."
සමහර වෙලාවට කොටස්වල අධි ගැනුම් අවස්ථා මෙන්ම අධි විකුනුම් අවස්ථා ඇතිවනවා. මෙවා එකේ මිල කෙරෙහි වඩාත් බලපානවා. ඒ අනුව
1.අධි ගැනුම් අවස්ථාවක කොටස්වල මිලෙහි අනාගත බැස්මකුත්
2.අධි විකුණුම් අවස්ථාවක අනාගත නැග්මකුත්
සාමාන්යයෙන් ඇතිවනවා. මෙම තත්ව RSI මගින් පහසුවෙන්ම දැනගත හැකියි.
**මෙහි චලනය වන line එක,
1.70 සීමාව පසුකරන විට අධි ගැනුම් අවස්තාවත්,
2.30 සීමාව පසුකරන විට අධි විකුණුම් අවස්තාවත්,
පෙන්නුම් කරනවා.
මෙහි '1'අවස්ථාවේදි අදාල කොටස් මිලට ගැනීමෙන් වලකින්න.' 2' අවස්ථාවේදි MACD chart එක උපකාරයට ගෙන හොදම ආරක්ෂාකාරි මිලට කොටස් මිලදී ගත හැකියි.
මෙවාට අමතරව අතර මැදි අවස්ථාවෙත් කොටස් මිලට ගත හැකියි. හැබැයි එවිට වෙනත් භෞතික සාධක කෙරෙහි වඩාත් සැලකිලිමත් වන්න. 50ට අඩු සීමාවෙදි මිලට ගැනීම වඩාත් හොදයි.
Last edited by Roboticfx on Tue Apr 03, 2012 10:09 am; edited 1 time in total (Reason for editing : Image amended)