කුකුළු පාලනය ඇතුළු ඒ ආශ්‍රිත ව්‍යාපාර කටයුතු කරන Ceylon Grain Elevators Plc සමාගමේ සියයට 21 ක කොටස් එහි සිංගප්පූරු මව් සමාගම වන Prima Ltd සමාගමට රුපියල් මිලියන 730 කට විකුණා තිබේ.
මේ අනුව, Ceylon Grain Elevators සමාගම පවසා තිබෙන්නේ සිය සමාගමට අනුබද්ධ Ceylon Agro-Industries Limited සමාගමේ මිලියන 22.8 ක කොටස් හෙවත් අදාළ සමාගමේ සියයට 21.5 ක කොටස් එකක් රුපියල් 32 ක බැගින් Prima Ltd සමාගමට පැවරූ බවයි.
මෙම මුදල් Ceylon Grain Elevators සමාගමේ කාර්ය ප්‍රාග්ධනය වෙනුවෙන් යොදා ගන්නා බව සඳහන්ය.
ප්‍රීමා සමාගම සතුව ත්‍රිකුණාමලයේ තිරිඟු පිටි කම්හලක්ද තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=961533152