අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය සියයට 0.13 කින් පහළ ගොස් ඒකක 4,946.58 ක් විය.
මිලංක මිල දර්ශකය සියයට 0.71 කින් පහළ ගොස් ඒකක 4,373.05 ක් වෙද්දී S&P Sri Lanka දර්ශකය සියයට 0.04 කින් පහළ ගොස් ඒකක 2,809.31 ක්වී තිබේ.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 377.99 ක්වූ අතර නෙස්ලේ ලංකා හා ජෝන් කීල්ස් යන සමාගම් පිරිවැටුමට වැඩි දායකත්වයක් දැක්වීය.
අද රුපියල් මිලියන 279.24 ක විදේශීය කොටස් ගැනුම් වාර්තා වූ අතර විදේශීය විකුනුම් ප්‍රමාණය රුපියල් මිලියන 115.18 කි.
ජෝන් කීල්ස් කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 185.00 ක් වෙද්දී කොටස් 622,250 ක් ගනුදෙනු වී තිබේ.
මීට අමතරව, කොමර්ෂල් බැංකු ඡන්ද රහිත කොටසක් ශත 10 කින් පහළ ගොස් රුපියල් 73.20 ක් වෙද්දී කොටස් 935,578 ක් ගනුදෙනු වී තිබෙන අතර නෙස්ලේ ලංකා සමාගමේ කොටසක් රුපියල් 65.70 කින් ඉහළ ගොස් රුපියල් 1,150.00 ක්වී ඇත.
ගනුදෙනු වී තිබෙන නෙස්ලේ ලංකා කොටස් ප්‍රමාණය 47,525 කි.
මේ අතර, DFCC බැංකුව අනාවරණය කර තිබෙන්නේ සිය අධ්‍යක්ෂවරයෙකු වන ජේ.ඊ.ඒ. පෙරුමාල් එකක් රුපියල් 108.75 ක් වන බැංකුවේ කොටස් 12,145 ක් සඳුදා දිනයේදී මිලදී ගත් බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1049865561