මෙම ගිවිසුමට අනුව කොමර්ෂල් බැංකුවේ සියලූම ශාඛා සමග ගනුදෙනු කරන සමාගම් සහ පාරිභෝගිකයන්ට අවශ්‍ය රක්‍ෂණ ලබාදීමට ජනශක්ති සමාගමට අවස්ථාව සැලසෙයි. මෙම නවමු වැඩපිළිවෙල ඔස්සේ රක්‍ෂණ ආවරණ සැපයීමේ කටයුතු නව ක්ෂේත්‍රයන් වෙත ව්‍යාප්ත කිරීම ජනශක්ති සමාගමේ අපේක්‍ෂාවයි. ඒ අනුව අවබෝධතා ගිවිසුමේ දෙපාර්ශවයටම සිය ව්‍යාපාරික කටයුතු වර්ධනය කරගැනීමට අවස්ථාව උදා වේ.
ශාඛා කාර්යාල 100 කින් සමන්විත ජනශක්ති සමාගම විසින් නව රක්‍ෂණ ආවරණ රැසක් හඳුන්වා දි ඇති අතර ජනශක්ති ෆුල් ඔප්ෂන්, වෙහිකල් ඉමර්ජන්සි පොලිසි, හොටේලියස් කම්බයින්ඞ්, ජනශක්ති ලයිෆ් අන්ලිමිටඞ් වැනි රක්‍ෂණ ආවරණ දේශීයව සහ විදේශීයව ජනාදරයට පත්ව ඇත. තවද රක්‍ෂණ ආවරණ ලබාගත යුතු ජීවිත, ගිනි, සෞඛ්‍ය, සියලූම වාහන, ප‍්‍රවාහන හා විශ‍්‍රම යන ක්ෂේත්‍ර සඳහාද ජනශක්ති ඉන්ෂුවරන්ස් රක්‍ෂණ ආවරණ සැපයීම සිදු කරයි. ශ‍්‍රී ලංකාවේ දැවැන්තම බැංකුව වන කොමර්ෂල් බැංකුව, ලොව ප‍්‍රමුඛතම බැංකු 1000 අතරට අයත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වේ. දිවයින පුරා පිහිටි සේවා ස්ථාන 218 කින් සමන්විත එය විශාලතම ඒ.ටි.එම්. ජාලයටද හිමිකම් කියයි.
එහි ඒ.ටී.එම්. ශාඛා 500 ක් දිවයින පුරා පිහිටා තිබේ. කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් නම් අමෙරිකානු සඟරාවක් විසින් නම් කරනු ලැබු අතර "The Banker", "FinanceAsia", "Euromoney" හා "Trade Finance" hk යන සඟරා විසින්ද දිවයිනේ හො`දම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට සම්මාන පිරිනමන ලදී.
වසර 17 ක් පුරා ජාතියේ රක්‍ෂණ අවශ්‍යතා ඉටුකළ ජනශක්ති සමාගම ශ‍්‍රී ලංකාවේ වඩාත් ලාභ උපයන රක්‍ෂණ සමාගමක් වන අතර කොළඹ කොටස් වෙළඳපලේ ලියාපදිංචි රක්‍ෂණ සමාගම් අතරින් රුපියල් බිලියන 1.49 ක ඉහළම ප‍්‍රග්ධනය හිමි රක්‍ෂණ සමාගමයි. වැඩිම රක්‍ෂණ වන්දි මුදලක් ගෙවා ඇති ජනශක්ති සමාගම සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් මේ දක්වා ගෙවා ඇති රක්‍ෂණ වන්දිවල වටිනාකම රුපියල් බිලියන 20 ක් පමණ වේ.
http://sinhala.adaderana.lk/news.php?nid=25695