වසර දහයේ සෛවරීත්ව බැඳුම්කර නිකුතුව ලංකාව දියත් කළ බවත් ආසියානු වෙළඳ පොළේ ඇනවුම් විවෘත කර තිබෙන බවත් නිකුතුවට සම්බන්ධ මූලාශ්‍ර මගින් අනාවරණය වේ.
මෙහිදී, මූලික මිල මාර්ගෝපදේශනය සියයට 6.125 ක් බව වැඩිදුරටත් හෙළිවේ.
මෙම බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියනයක මුදල් උපයා ගැනීමට ලංකාව සූදානම් වන අතර මින් කොටසක් කල් පිරෙන විදේශ ණය පියවා දැමීම සඳහා යෙදවීමට නියමිතය.
Bank of America Merryll Lynch, Citi, Barclay සහ HSBC යන බැංකු මෙම බැඳුම්කර නිකුතුවේ ප්‍රධාන කළමනාකරුවන් ලෙස කටයුතු කරන අතර සම කළමනාකරුවන් ලෙස කටයුතු කරන්නේ මහජන බැංකුවයි.
සඳුදා දිනයේදී ලංකාව ආයෝජන රැස්වීම් ගණනාවක් පැවැත්වූ අතර මින් එකක් ලන්ඩන් නුවරදී පැවැත්වුණි.
ගිය වසරේදී මීට සමාන පොලී අනුපාත වලටම ලංකාව බැඳුම්කර නිකුතුවක් මගින් ඩොලර් බිලියනයක මුදලක් රැස්කර ගත් අතර යුරෝපීය බැඳුම්කර වෙළඳ පොළවල අවිනිශ්චිතතාවයක් තිබෙන වකවානුවක ලංකාව බැඳුම්කර නිකුතුවක් කිරීම කැපී පෙනේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=848753001