මේ අනුව, Parkson Retail Asia නම් සමාගම විසින් මෙම මිලදී ගැනීම කිරීමට යන අතර මේ වෙනුවෙන් රුපියල් බිලියන 1.424 ක මුදලක් ගෙවීමට එකඟ වී ඇත.
නැගෙනහිර ආසියාව පදනම් කරගත් මෙම සමාගම ඔඩෙල් කොටසක් වෙනුවෙන් රුපියල් 23.50 ක මුදලක් ගෙවීමට සූදානම් අතර මිලදී ගැනීමට යන කොටස් ප්‍රමාණය මිලියන 60.6 කි.
අනාවරණය වන්නේ මෙම ගැණුම් කරුවා විසින් අනිකුත් කොටස්ද අදාළ මිලටම මිලදී ගැනීමට ඉදිරියේදී ලංසු තබනු ඇති බවයි.
පසුගිය දින කිහිපයේදී මෙම ගනුදෙනුව පිළිබඳ පැතිරුණු රාවයන් නිසා ඔඩෙල් කොටසක් රුපියල් 17 ක පමණ මට්ටමක සිට රුපියල් 23 ක් වැනි මිලක් දක්වා ඉහළ නැගුණි.
ඔටාරා ගුණවර්ධන සතුව ඔඩෙල් කොටස් වලින් සියයට 27.8 ක් තවදුරටත් පවතිනු ඇති බවත් ඇය එහි ප්‍රධාන විධායක ධූරය තවදුරටත් දරනු ඇති බවත් සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1570754436