සෛවරීත්ව බැඳුම්කරය නිසා වර්ධනය වූ ද්‍රවශීලතාවයෙන් කොටසක් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 220 ක් වන සිය භාණ්ඩාගාර බිල්පත් තොගයෙන් රුපියල් බිලියන 1.2 ක භාණ්ඩාගාර බිල්පත් විකුණා දමා තිබේ.
මහ බැංකුව පවසා තිබෙන්නේ දින 17 කින් කල් පිරෙන රුපියල් බිලියන 7.5ක බිල්පත් විකිණිම සඳහා ඉදිරිපත් කළ බවත් ඒ සඳහා රුපියල් මිලියන 850 ක ලංසු ලැබුණු බවයි.
කෙසේවෙතත්, මින් පිළිගෙන තිබෙන්නේ සියයට 10.91 ක පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 550 ක ලංසු පමණි.
මීට අමතරව, දින 24 කින් කල් පිරෙන රුපියල් බිලියන 8.0 ක් වටිනා බිල්පත් විකිණීම සඳහා බැංකුව ඉදිරිපත් කර තිබෙන අතර මේ සඳහා රුපියල් බිලියන 1.12 ක ලංසු ලැබී ඇත.
මින් රුපියල් මිලියන 728 ලංසු පිළිගෙන තිබෙන අතර එහි පොලී අනුපාතය සියයට 10.94 කි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1358318931