කොළඹ කොටස් වෙළෙඳපොළේදී කළ මෙම නිවේදනයට අනුව සුළුතර කොටස් හිමියන් සඳහා කරන අනිවාර්ය අර්පණයත් (Mandatory offer) ඊට අනතුරුව එකට එකක් වශයෙන් දියත් කිරීමට නියමිත හිමිකම් නිකුතුවෙන් වසර 22 ක ඉතිහාසයකට උරුමකම් කියන දිවයිනේ ප්‍රමුඛතම විලාසිතා වෙළෙඳ නාමයේ ඉදිරි ව්‍යාප්තිය සඳහා රුපියල් බිලියන 2.899 ක ප්‍රාග්ධනයක් උපයා ගනු ඇත.
කොටස් ගනුදෙනුව සඳහා පාර්ක්‌සන් සමාගම ඔඩෙල් සමග කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළැඹ ඇත. ඔඩෙල් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඔටාරා ගුණවර්ධන මහත්මිය මුළු කොටස් හිමිකාරීත්වයෙන් සියයට 27.88 ක් ද ඇයගේ සොහොයුරු අජිත් ගුණවර්ධන මහතා සියයට 13.6 ක් ද රුචි ගුණවර්ධන මහතා සියයට 0.34 ක් ද නියෝජනය වන පරිදි කොටස් 60,625,000 ක් පාර්ක්‌සන් සමාගමට විකිණීමට එකඟ වී ඇත. මෙහිදී එකඟ වූ කොටසක මිල රුපියල් 23.50 ක් බව නිවේදනයේ වැඩිදුරටත් දැක්‌වේ.
මෙම ගනුදෙනුවෙන් අනතුරුව ඔඩෙල් හි නිර්මාතෘ ඔටාරා ගුණවර්ධන මහත්මිය සතු කොටස් ප්‍රමාණය සියයට 27.88 ක් වන බවත් ඇය තවදුරටත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙහි කටයුතු කරනු ඇති බවත් සමාගමේ ප්‍රකාශකයෙක් අනාවරණය කළේය.
http://www.divaina.com/2012/08/03/velanda01.html