ඒ සඳහා නිරීක්ෂකයන් ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් නම් කරන ලෙස ද ඉල්ලීමක් කර ඇති බව එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.
2011 වසරේ පමණක් කොටස් වෙළඳපලේ ආයෝජනය කිරීම හේතුවෙන් අදාළ අරමුදලට අයත් රුපියල් මිලියන 16 ක් පමණ පාඩුවී ඇති බව පාර්ලිමේන්තුවේ දී අනාවරණය වී ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පැහැදිලි විමර්ශනයක් සිදුකර අවසන් කරන තෙක් 2002 වසරේ නීතීපතිවරයා ලබා දෙන උපදෙස් මත පමණක් කොටස් වෙළඳපලේ අදාළ මුදල් ආයෝජනය කළ යුතු බව අද දෙරණ කළ විමසීමක දී ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.
එමෙන්ම ජාතික කම්කරු උපදේශක සභාව මගින් අදාළ ආයෝජනයන් පිළිබඳ ලිඛිත වාර්තාවක් ඉල්ලා ඇති බව ද ඔහු පවසයි.
සේවක අර්ථසාධක අරමුදල තුළ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති 22 ක නියෝජිතයින් අද (6) රැස්වී ඇත.
http://sinhala.adaderana.lk/news.php?nid=26365