මේ අතර ප්‍රංශයේ පැරිස් නුවරදී ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව තත්ත්ව සහතිකය සඳහා පිරිනැමෙන "අන්තර්ජාතික තරුව" රන් සම්මානයෙන් පිදුම් ලැබීය. විශේෂයෙන්ම ජාතික මෙහෙවරක නියෑළෙන තත්ත්වයෙන් උසස් සේවාවක් ලබාදෙන හා ක්‌ෂේත්‍රයේ උසස් නමක් හිමිකරගත් ආයතන සඳහා මෙම සම්මානය පිරිනැමේ. වසර 50 ක් පුරා ජාතියේ ඉංජිනේරුවන් ලෙස නම් දැරූ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව මෙම රන් සම්මානය හිමිකරගැනීම සුවිශේෂ අන්තර්ජාතික ජයග්‍රහණයකි.
පිරිවැටුම හා ලාභය 2010
2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව රුපියල් මිලියන 5,921 ක වාර්තාගත පිරිවැටුමක් ළඟා කර ගත් අතර එය 2011 වසරේදී රුපියල් මිලියන 6,281 විය. 2010 වර්ෂයේ ශුද්ධ ලාභයට සාපේක්‍ෂව 2011 වර්ෂයේ ශුද්ධ ලාභය සස¹ බැලීමේදී ශුද්ධ ලාභය 56% ක වර්ධනයකි. එසේම 2012 වර්ෂය සඳහා අපේක්‍ෂිත පිරිවැටුම රුපියල් මිලියන 10,000 කට වැඩි වේ. මේ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ පිරිවැටුමේ හා ලාභය කැපී පෙනෙන වර්ධනයක් වී ඇත.
http://www.divaina.com/2012/08/12/economic04.html