මෙරට නීත්‍යාණුකූල නොවන මධ්‍යසාර සැපයුම වර්ධනය වී තිබෙන බව ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් මෙරට විශාලතම මධ්‍යසාර නිෂ්පාදන සමාගම වන ඩිස්ටිලරීස් පවසයි.
මේ අනුව, ලයිස්තුගත ඩිස්ටිලරීස් සමාගමේ සභාපති ඩී.එච්.එස්. ජයවර්ධන සිය වාර්ෂික වාර්තාවෙන් කොටස්කරුවන්ට දැනුම් දී තිබෙන්නේ මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා කෘත්‍රිම රා යොදා ගැනීම පසුගිය කාලයේදී විශාල ලෙස වැඩිවී තිබෙන බවයි.
මේ පිළිබඳව ඔහු සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා කර ඇත.
මීට අමතරව, හොර රහසේ මෙරටට ගෙන්වන ස්ප්‍රීතු මගින් සිදුකරන සැර මධ්‍යසාර නිෂ්පාදනයද වැඩිවී ඇතැයි ජයවර්ධන මහතා පවසා තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1541030830