ව්‍යාපාරික කටයුතු ආරම්භ කර වසර 18 ක් සපුරන ජනශක්ති රක්ෂණ සමාගම මේ වසරේදී සිය ආදායම සියයට 15 කින් වර්ධනය කරගනිමින් රුපියල් බිලියන 08 ක ආදායමක් ලබාගැනීමට ඉලක්ක කර ඇතැයි එහි කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රකාෂ් ෂාෆ්ටර් කියයි.
2000 වසරේදී රුපියල් බිලියන 01 ක ආදායමක් ලැබූ ජනශක්ති ලාංකික සමාගමක් ලෙස පැමිණි මෙම ගමන ජයග්‍රහණයක් බව හෙතෙම අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මේ වනවිට, මෙරට රක්ෂණ ව්‍යාපාරික කටයුතු අතිශයින්ම තරගකාරී තත්ත්වයකට පැමිණ තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සමාගම සතුව දිවයින පුරා ශාඛා 100 කට වැඩි ජාලයක් තිබෙන අතර මෙරට තිබෙන ස්ථාවර හා වඩාත් ලාභාංශ උපයන රක්ෂණ සමාගම් අතරට ජන ශක්ති සමාගමද ඇතුළත් වේ.
2012 වසර පළමු අර්ධයේදී බදු ගෙවීම් වලින් පසුව සමාගම උපයා තිබෙන ලාභය රුපියල් මිලියන 164 කි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=3988513