2010 මූල්‍ය වර්ෂය තුළ දී සෙලාන් බැංකුව රු. බිලියන 1.2 ක ශුද්ධ ලාභයක් වාර්තා කරයි.
එය මීට පෙර මූල්‍ය වර්ෂයේ දී ලැබූ රු. මිලියන 514 ක ලාභය හා සැසඳීමේ දී 126% ක වාර්තාගත වර්ධනයකි. අදාළ මූල්‍ය වර්ෂයේ බදු පෙර ලාභය රු. බිලියන 1.9 ක්වූ අතර එය 2009 වසර හා සන්සන්දනයේ දී 124 ක සුවිශාල වර්ධනයකි. එසේ ම මෙය බැංකුවේ ආරම්භයේ සිට මේ දක්වා වූ කාල පරාසය තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ සංඛ්‍යාංකය ද වේ.
2010 දෙසැම්බර් 31 වනදායින් අවසන්වූ මූල්‍ය වර්ෂය සඳහා වූ මෙම ප්‍රතිඵල, බැංකුව ලබමින් පවතින අඛණ්ඩ ප්‍රගතිය පිළිබඳ මනා සාක්ෂියකි. අර්බුදකාරී තත්ත්වයකින් පසු වාර්තා කරන ලද මෙම ලාභදායිත්වය, බැංකුවේ ස්ථායිතාව නැවත වරක් පිළිබිඹු කිරීමකි.
සෙලාන් බැංකුව නැවත වරක් වාර්ෂික වාර්තා එළිදැකීමේ කලාවෙහි නව පිටුවක් පෙරළමින් 2010 වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ දී සුසමාදර්ශී වෙනසක් සිදුකර ඇත. ඒ ‘The Business Case’ නම් අනගි නිමාවකින් යුතු වාර්ෂික වාර්තාවක් එළිදැක්වීමෙනි. මෙම වාර්තාව බැංකුවේ කොටස්කරුවන් ඇතුළු බැංකුවට සම්බන්ධ සෑම පාර්ශ්වයකට ම පිරිනමනුයේ, පසුගිය වර්ෂයේ දී ලද විශිෂ්ට ප්‍රගතිය ගැන ඔවුන් වෙත මනා විශ්වාසයක් ලබාදෙමිනි.