තේ හා දැව වගාවන්හි නිරත බොගවන්තලාව වැවිලි සමාගම විසින් සිය නවතම මූල්‍ය වාර්තා එළි දක්වා තිබේ.
මේ අනුව, 2012 සැප්තැම්බර් කාර්තුවේදී සමාගම රුපියල් මිලියන 88.9 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 127 ක අලාභයකි.
සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ගෙවුණු සැප්තැම්බර් කාර්තුවේදී රුපියල් 1.06 ක කොටසකට අදාළ ලාභයක් සමාගම විසින් වාර්තා කර තිබෙන බවයි.
සැප්තැම්බර් වලින් අවසන් වන මාස හය තුළදී සමාගම විසින් කොටසකට අදාළව රුපියල් 1.65 ක ලාභයක් වාර්තා කර තිබෙන්නේ රුපියල් මිලියන 138 ක ලාභයක් ලබා ගැනීම තුළිනි.
සැප්තැම්බර් කාර්තුවේදී සමාගම් සමූහයේ ආදායම සියයට 33.5 කින් වැඩිවී රුපියල් මිලියන 868 ක් වෙද්දී විකුණුම් පිරිවැය සියයට 4.6 ක් වැනි සුළු ප්‍රමාණයකින් වර්ධනය වී රුපියල් මිලියන 761.9 ක්වී තිබේ.
මේ අනුව, දළ ලාභය සියයට 34 කින් වර්ධනය වී රුපියල් මිලියන 106 ක්වී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=604741244