ශ්‍රී ලංකාව පදනම් කරගත් මූල්‍ය ආයතනයක් සිදුකළ විශාලතම රුපියල් ණයකර නිකුතුව ලෙසින් ඉතිහාසයට එක් වෙමින් ලංකා බැංකුව විසින් සිදුකළ ණයකර නිකුතුව මගින් රුපියල් බිලියන 06 ක මුදලක් රැස්කර ගත් බවත් නිකුතුව වසා දැමූ බවත් බැංකුව කියයි.
මෙම ණයකර නිකුතුව යටතේ පාවෙන හා ස්ථාවර පොලී අනුපාත යන අංශ දෙක යටතේම ණයකර නිකුත් කළ අතර බැංකුව පවසා තිබෙන්නේ විශාල පුද්ගලික ව්‍යාපාර මෙන්ම කුඩා ආයෝජකයින්ද නිකුතුවේදී මිලදී ගැනීම් කළ බවයි.
මෙහිදී, වැඩිම ආයෝජකයින් ප්‍රමාණයක් ඉල්ලුම් කර තිබෙන්නේ ස්ථාවර පොලී අනුපාතයක් ගෙවන ණයකර සඳහායි.
නිකුතුවෙන් රැස්කර ගත් මුදල් බැංකුවේ දෙවන පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහාත් කෘෂි කාර්මික, සංචාරක, යටිතල පහසුකම්, සැකසුම්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ලබාදෙන ණය වැඩි කිරීමටත් යෙදවීමට බැංකුව සැලසුම් කර තිබේ.
වත්කම් අනුව සලකන විට මෙරට තිබෙන විශාලතම වාණිජ බැංකුව වන්නේ ලංකා බැංකුවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1059677694