වකුගඩු රෝගයෙන් මියයනවා
- උතුරුමැද වකුගඩු රෝග නිවාරණඒකකයේ වෛද්‍ය අසංක රණසිංහ
ජයන්තිපුර - උඩගෙදර
දින දෙකකට වරක් එක් අයකු බැගින් වකුගඩු අකර්මණ්‍යවීම හේතුවෙන් මියයන බව හඳුනා ගැනීමට හැකිවී ඇතැයි උතුරුමැද පළාත් වකුගඩු රෝග නිවාරණ ඒකකය භාර ප්‍රධානී වෛද්‍ය අසංක රණසිංහ මහතා පවසයි. වකුගඩු ආකර්මණ්‍ය තත්ත්වය හේතුවෙන් මියගිය රෝගීන් සංඛ්‍යාව පිළිබඳව කළ විශ්ලේෂණයේදී මෙම තොරතුරු අනාවරණය වූ බව වෛද්‍ය අසංක රණසිංහ මහතා පැවසීය.
ගතවූ පසුගිය වසර 7 ඇතුළත වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 18000 කට ආසන්න බවත් එයින් මියගිය සංඛ්‍යාව 1599 ක් බවත් ඒ ප්‍රමාණය රෝහල්වල මියගිය අයගේ තොරතුරු වාර්තාවලට අනුව පමණකි. මේ අනුව එක් වසරකදී මියගිය රෝගීන් සංඛ්‍යාව දල වශයෙන් ගත් කල 229 කි. මාසයකට 19 දෙනෙක් පමණ මෙම වකුගඩු ආසාදනයෙන් මියයන බවද වාර්තා වේ. ඇතැම් රෝගීන්ට වකුගඩු ආසාදන පැවතියත් වෙනත් හේතු මුල්වී මියගිය විට මෙම සංඛ්‍යාවට ගණන් නොගන්නා බැවින් මෙම ප්‍රමාණය තවත් ඉහළ අගයක පැවතිය හැකි බවත් වෛද්‍ය අසංග මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට උතුරු මැද පළාත් වකුගඩු රෝග නිවාරණ ඒකකය මගින් පළාතට අයත් සෑම ග්‍රාම නිලධාරී වසමක්‌ම ආවරණය වන පරිදි හා එක් වසමක් බැගින් ද සිතියම්ගත කරන ලද සවිස්‌තරාත්මක දත්ත පද්ධති සැකසීමේ පුළුල් වැඩපිළිවෙළක් ද රෝගීන් හඳුනා ගැනීමට අදාළ විශේෂ වැඩසටහන් රැසක් ද දියත් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
http://www.divaina.com/2012/11/28/provin03.html