අනාවරණය වන ආකාරයට අද සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යවරුන් දහ දෙනෙකු නව අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබෙන අතර මන්ත්‍රීවරුන් හය දෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබේ.
නව සංශෝධනයට අනුව පරිසර අමාත්‍යවරයා වූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.
නව තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය ධූරය ලබාදී තිබෙන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතාටයි.
පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මිය දිවුරුම් දුන්නේ විදුලිබල අමාත්‍යවරිය ලෙස වන අතර ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා සීනි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.
හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙවර කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ජයරත්න හේරත් මහතා උද්භිද උද්‍යාන පොදු විනෝදාත්මක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙකු වන දුමින්ද දිසානායක මහතා දිවුරුම් දුන්නේ අධ්‍යාපන සේවා අමාත්‍යවරයා ලෙසයි. බසීර් සේගුදාවුද් මහතා පත්කර තිබෙන්නේ ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස වන අතර වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස විජිත් විජයමුණි සොයිසා මහතා දිවුරුම් දුන්නේය.
රජයේ ආරංචි මාර්ග වලට අනුව, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස එස්.එම්. චන්ද්‍රසේන සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා දිවුරුම් දී ඇති අතර ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ සුසන්ත පුංචිනිලමේ සහ ෆයිසර් මුස්තාෆා පත්කර ඇත.
අබ්දුල් කාදර් මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙන අතර සරත් කුමාර ගුණරත්න මහතා ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=279977788