මේ අනුව අද දිනය පුරා වෙළෙඳ පොළ සක්‍රියව ඉහළ යනු දක්නට ලද අතර ඒ සදහා විවිධාංගිකරණය වු අංශ හා බැංකු හා මුල්ය අංශ සුපුරුදු ධනාත්මක දායකත්වය ලබා දුන් බව තැරුවිකරුවෝ පවසති.
දෙසැම්බර් කාර්තුවේ හොද ඉපයුම් වෙළෙඳ පොළට සාර්ථීකව බලපා තිබෙනවා.ඒ එක්කම අප්රේල්-සැප්තැම්බර් මාස කවදත් වෙළෙඳ පොළට හිතකරයි.පසුගිය කාලයේ ඉහළම පිරිවැටුම් (2/3) වාර්තා කළේ මේ මාස වලයි.
යැයි සෝෆ්ටිලෝජික් කොටස් තැරුවිකාර සමාගමේ ඩිමන්ත මැතිවි කීය.
ඩ්.එෆ්.සී.සී,එයිටිකන් ස්පෙන්ස්,ඩිස්ටලරිස් හා නෙස්ලේ අද වෙළෙඳ පොළට සිදු කල ක්‍රියාකාරි දායකත්වය හමුවේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 29.01 ක දැවැන්ත අගයකින් ඉහළ යමින් දිනය අවසන ඒකක 5763.83 කට ස්ථාවර විය.
S&P දර්ශකය ඒකක 13.72 කින් ඉහළ යමින් ඒකක 3313.28 කට ස්ථාවර විය.
ඊස්ට්-වෙස්ට් කොටස් මිලියන 6 ක් එකක් රුපියල් 15 බැගින් ගනුදෙනු වි රුපියල් මිලියන 90 ක්ද පී.සී හවුස් කොටස් මිලියන 9.8 ක් එකක් රුපියල් 3.10 බැගින් ගනුදෙනු වි රුපියල් මිලියන 30 ක්ද හැටන් නැෂනල් කොටස් ලක්ෂ 05 ක් රුපියල් 165 බැගින් ගනුදෙනු වි මිලියන 82.5 ක්ද, සෙන්ට්‍රල් ෆීනෑන්ස් කොටස් 121,000 ක් රුපියල් 180 බැගින් ගනුදෙනු වි රුපියල් මිලියන 21 ක්ද ක්‍රෝෂීං හෙවත් කොටස් වෙළෙඳ පොළ කලින් ගිවිසගත් ගනුදෙනු ලෙස වාර්තා විය.
එන්.ඩි.බි,ඩ්.එෆ්.සී.සී සමග සෙලාන් හා හැටන් නැෂනල් බැංකු නිශ්ඡන්ද කොටස් පසුගිය සති 52 ක ඉතිහාසයේ ඉහළම අගයකට අද ගනුදෙනු විය.
කෙසේවෙතත්,ආයෝජකයින්ගේ කෙටි කාලින ලාභ ඉපයිම් හා තැරුවිකරුවන්ගේ අනිවාර්ය විකුණුම් නිසා පවත්නා තත්ත්වයන්ට යම් බාධාක එල්ල වනු දක්නට ඇති බව මේ අතරේ කැපිටල් ට්‍රස්ට් කොටස් තැරුවිකාර සමාගම පවසයි.
ජිනිවා මානව හිමිකම් සමුළු ආන්දෝලනයන් යළිත් සුපුරුදු ස්වරයෙන් පදනම් විරහිත විරෝධතාවයක් බවට පත් වෙම්න් ඇත.ඒ ඒ සම්බන්ධයෙන් හඩ නගන අයගේ සැඟවුණ න්‍යාය පත්‍ර යළිත් හකුලා ගැනිමට වන තැනට වැඩ කටයුතු සිද්ධ වන බව මේ අනුව පෙනි යන බවද එම තැරුවිකාර සමාගම අද සිය පර්යේෂණ වාර්තාවකින් සදහන් කර ඇත.
ඇමෙරිකානු වෙළෙඳ පොළ යළි ඉතිහාසයේ නව ඉහළම අගයකට ගමන් කරනු පෙනේ.
Last edited by sriranga on Thu Mar 21, 2013 4:29 pm; edited 1 time in total (Reason for editing : Heading)