සරලව කියනවනම් අපි හෑමෝම කොටස් වෙළෙදපොළේ කොටස් වල ආයොජනය කරන්නේ කෙටි කාලීනව හෝ දීර්ග කාලීන වාසි බලාපොරොත්තුවෙනුයි.
ඒත් කොටස් මිලදී ගනීමේදී අපි කරන සමහර වෑරදි හින්ද හොදින් ක්‍රියාකාරී කොටස් වෙළෙදපොළකදි උනත් අපිට ගොඩක් ලොකු අවාසි වෙන්න පුලුවනි. එතින් ඒක හින්ද අපි කොටස් වෙළෙදපොළෙන් කොටස් මිලදී ගන්න කලින් කොටස් ඈගයීමේ ක්‍රම ගෑන හොද අවබෝධයක් ලබාගන්න එක ගොඩක් වටිනව.
සෑ:යු - කෙටිකාලීන හා දිගුකාලින ඈගයීමේ ක්‍රම බොහොමයක් පවතින අතර මෙහිදී මූලිකවම දිගුකාලීන අයොජන ක්‍රමයකදී වෑදගත් වන මිල ඉපෑයුම් අනුපාතිකය පිලිබදව අපි සලකා බලමු.
මිල ඉපෑයුම් අනුපාතිකය කියල කියන්නෙ Price - Earnings Ratio (PE) කියන එකටයි.
මේකේ තියෙන වෑදගත්කම තමයි කොටසක වෙළදපොළ මිල කොටසක ඉපෑයුම මෙන් කවර ගුණයක්ද යන්න පෙන්නුම් කරන එක. ඔහොම කිවට තෙරුම් ගන්න අමාරු නිසා අපි පොඩි උදාහරණයක් අරගෙනම මේක තෙරුම් කරගමු.
මිල ඉපෑයුම් අනුපාතිකය = කොටසක වෙළදපොළ මිල / කොටසක ඉපෑයුම
කොටසක වෙළදපොළ මිල = දෑනට අදාල සමාගමේ කොටස්, කොටස් වෙළෙදපොළේ විකිණෙන මිලයි
කොටසක ඉපෑයුම = අදාල වසරේ සමාගමේ ශුද්ධ ලාභය / සමාගමේ නිකුතු කොටස් ගණන
උදාහරණය 1 :
කොටසක වෙළදපොළ මිල = රු: 24 යි
පසුගිය වසරේ කොටසක ඉපෑයුම = රු: 3 යි
මිල ඉපෑයුම් අනුපාතිකය = 24/3 = 8යි
ඒ කියන්නෙ මේ සමාගමේ කොටසකින් අපිට රුපියලක් [රු: 1] ලභයක් ලබන්න නම් රුපියල් 8ක් වියදම් කරන්න වෙනව කියන එකයි
උදාහරණය 2 :
කොටසක වෙළදපොළ මිල = රු: 24 යි
පසුගිය වසරේ කොටසක ඉපෑයුම = රු: 0 හෝ රින අගයක් නම් මොකක් වේවිද?
මිල ඉපෑයුම් අනුපාතිකය = 24/0 = ???
ඒ කියන්නෙ මේ සමාගම පාඩු ලබන සමාගමක් කියන එකයි.
උදාහරණය 3 :
කොටසක වෙළදපොළ මිල = රු: 24 යි
පසුගිය වසරේ කොටසක ඉපෑයුම = රු: 12 යි
මිල ඉපෑයුම් අනුපාතිකය = 24/12 = 2යි
ඒ කියන්නෙ මේ සමාගමේ කොටසකින් අපිට රුපියල් 1ක් [රු: 1] ලභයක් ලබන්න නම් රුපියල් 2ක් වියදම් කරන්න වෙනව කියන එකයි
ඉතින් මේ පොස්ට් එකෙන් මම බලපොරොත්තු උනේ මිල ඉපෑයුම් අනුපාතිකය ගෑන පොඩි දෙයක් කියල දෙන්න විතරයි. මේක ගෑන ඉගෙන ගන ඉවරයි කියල හිතන්න එපා. මේ ගන තව ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනව.
මේ ගෙදර වෑඩ ටිකත් කරල බලලම කියන්නකො කොහොමද කියල.
http://Deleted/portal/LKCSE/stockOverview.html?stockId=6003&companyId=22347
http://Deleted/portal/LKCSE/stockOverview.html?companyId=22176&goToHomePageParam=true&stockId=5788
http://Deleted/portal/LKCSE/stockOverview.html?stockId=5851&companyId=22239
ස්තුතියි.